යුද ටැංකි නාශක පතුරම් විකුණන්න ගිහින් අමාරුවේ යුදසමයේදී භාවිත කාරන ලද යුදටැංකි ප්‍රහාරක පතුරම් තොගයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයන් 06 දෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 06 January 2022
මඩකළපුවට ගංවතුර තත්ත්වයක් මඩකලපුව දිස්ත්‍රික්කයට ඇස හැළෙන තද වාර්ෂාව නිසා ලොකු කුඩා ජලාශසියල්ල පිටාර මට්ටමට පැමිණීමත් සමග වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 January 2022
ජනපති රාජාසන කථාව රනිල් කල් තැබීමේ විවාදයක් ඉල්ලයි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වන රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා(එජාප) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ. 06 January 2022
වැලිකඩ තීන්දුව ප්‍රකාශය 12 වැනිදාට කල් තබයි වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලකදී එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන් මහතාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට කිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද නියම කළේය. 06 January 2022
ඔමික්‍රෝන් පරදන නව විකෘතියක් ප්‍රංශයෙන් ප්‍රංශයෙන් නව ‘කොවිඩ් 19’ විකෘති ප්රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව විකෘතිය ප්‍රංශ සෞඛ්‍ය අංශ නම් කර ඇත්තේ බී.1.640.2 යන නමිනි. ඊට අමතරව IHU ද යනුවෙන් මෙය හැඳින්වෙයි. 06 January 2022
කොළඹ ප්‍රදේශ කිහිපයකට 8 වැනිදා ජල කප්පාදුවක් කොළඹ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා (8 වැනිදා) පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසයි. 06 January 2022
ජනාකීර්ණ නගර මුල්කර ගෙන එ.ජා.පය වැඩ අරඹයි බස්නාහිර පළාත ඇතුළු ජනාකීර්ණ නගර මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ලබන සතියේ සිට ක්‍රියාත්මක කෙරේ. 06 January 2022
ජල සාම්පල පරීක්ෂාවට වැඩකට නැති උපකරණ ගෙනල්ලා වාරිමාර්ග අමාත්‍යාංශය භූගත ජලයේ රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා ආරක්ෂණ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘති යටතේ මිලදීගත් උපකරණ කිහිපයක් ඒවා මිලදී ගත්දා සිටම අක්‍රීයව පැවතීම නිසා රුපියල් කෝටි තුනකට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 06 January 2022
අද කාලගුණ තත්වය උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 January 2022
ගජමුතු සමග දෙදෙනෙකු අත්අඩංගුවට විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධංගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගජමුතු හතරක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 06 January 2022
අමාත්‍ය සංශෝධන 10 වැනි දා:කෘෂි ඇමැතිත් වෙනස් වෙයි? කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 06 January 2022
ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන ගැසට්ටුව එළියට ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 06 January 2022
මත් ජාවාරමේ නිරත පිරිසක් මාට්ටු බහුදින යාත්‍රා උපයෝගී කරගෙන දකුණු මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු තංගල්ල තෙලිකඩ ප්‍රදේශයේදී ගිනි අවියක් ,මැගසින් දෙකක් රුපියල් කෝටියකට අධික මුදල් ඇතුළු රන් ආභරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 06 January 2022
සෞඛ්‍ය සේවය පිළිබඳ පැමිණිලි ලබාදීමට අංකයක් සෞඛ්‍ය සේවාව සම්බන්ධ පැමිණිලි හා යෝජනා ලබාගැනීමට සුව සවණ නමින් සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (5) පැවසීය. 05 January 2022
කොවිඩ් ආසාදිතයන් 550ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 550 දෙනකු අද(5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 January 2022
ජීවන වියදම ඉහල යාමට ස.ජ.බයෙන් විරෝධය ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුලු ජීවන වියදම ඉහල යාමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයක් දෙමටගොඩ ගුවන් පාලම අසලදී අද (05) රාත්‍රියේ පැවැත්විණ. 05 January 2022
කොවිඩ් මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 January 2022
නව ගොවි නිවාස සංකල්පයක් හදුන්වාදීමට පියවර කිරි නිශ්පාදනය සහ ආහාර නිශ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි හරකෙක්, එළුවෙක්, කුකුල් පැටවු කිහිප දෙනෙක් හා ජීව වායු ඒකකයක් සහිත ගොවි නිවාස සංකල්පයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ. 05 January 2022
වැඩිපුර සල්ලි ගන්න බස් ගැන කියන්න අංකයක් නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහොසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. 05 January 2022
උත්සව සමයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම බලාපොරොත්තු වූ දෙයක් උත්සව සමයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 05 January 2022
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ඇරඹේ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රිය කලාවැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීම නිසා අහිටුවා තිබූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත අද (5) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 05 January 2022
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ‘කොවිඩ්’ ආසාදිත යැයි තහවුරු වී ඇති බව වාර්තා වේ. 05 January 2022
තවත් ගෑස් නැව් දෙකක් මෙරටට ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3700 කින් යුත් තවත් ගෑස් නෞකාවක් කොළඹ වරායට ඊයේ (4) ළගාවූ බවත් ලාෆ් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3200 කින් යුත් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට අද රාත්‍රීයේ ළගාවීමට නියමිත බවත් එම සමාගම් දෙකේ උසස් නිලධාරීහූ අද (5) පැවසූහ. 05 January 2022
ජනතා හූ හඬ මැදින් ආණ්ඩුවේ අර්බුදය පුපුරා යමින් තිබෙනවා ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 05 January 2022
වසරේ ගතවූ දින පහේදී ඩෙංගු රෝගීන් 1227ක් මෙම වසරේ ගත වූ දින පහක කාලයේදී ඩෙංගු රෝගීන් 1227 දෙනකු වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය. 05 January 2022
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක් කොළඹ අපරාධ අපරාධ කොට්ඨායේ අධ්‍යක්වරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 05 January 2022
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින්ගේ පත්වීම් ස්ථීර කරයි රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින් 53,177 ක ගේ පත්වීම් ජනවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 05 January 2022
චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සහතිකයක් චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට මේ වසරේදී කැපවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පැවසීය. 05 January 2022
සෝපානයට හිස සිරවී පුද්ගලයෙක් මරුට මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයක් තුළදී නිෂ්පාදන භාණ්ඩ, යන්ත්‍රයක් තුළට ගෙනයාම සඳහා භාවිතා කරන විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය කියයි 05 January 2022
සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026