රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. 08 January 2022
භාණ්ඩ කන්ටේනර මුදාහැරීමට ඩොලර් මිලියන 5ක් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මුදා හරිනු ලැබ ඇත. 08 January 2022
ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන්න නව කවුළු 05 ක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ , පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සදහා නව කවුළු 05 ක් අද(8) උදෑසන 08.30 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් විවෘත කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීම සිදු විය . 08 January 2022
කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාවත් කුඹුරට කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 January 2022
'ඕනෑම පරීක්ෂණයකට සූදානම්' තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය 08 January 2022
දුම්රියට කෝටි 1000 ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 2021 වසරේ රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 08 January 2022
අර්ථසාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමිවී ඇතැයි රජයේ විගණන කාර්යාලය පවසයි. 08 January 2022
‘‘මෙහෙම යන කොට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෑ‘‘ “රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 08 January 2022
රට හදන හැටි උවිඳු කියයි ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා පවසයි. 08 January 2022
පළාත් කිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (8) දිනයේත් වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2022
ධීවර බෝට්ටුව මහා අනතුරක බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙයි. 07 January 2022
කොවිඩ් ආසාදිත තවත් 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 January 2022
චීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලා චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 07 January 2022
හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව 14 යළි කඳවයි කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 04 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය. 07 January 2022
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 January 2022
ගෑස් ඉල්ලා විරෝධයේ ගෑස් හිඟයට හැකි ඉක්මණින් පිළියම් යොදන ලෙස ඉල්ලමින් ‘ශ්‍රී ලංකා පුරවැසියෝ’ නැමැති සංවිධානය ලිට්රෝ ගෑස් සමාගමේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ (7) පස්වරුවේ විරෝධතාවක නිතර විය. 07 January 2022
රටපුරා තැනින් තැන පැයක් අඳුරු වෙයි රටපුරා අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රකාශයෙක් කීය. 07 January 2022
කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 07 January 2022
‘‘සෑම මන්ත්රිවරයෙක්ම ලොකු පුටු බලාපොරොත්තු වුණත් දෙන්න බැහැ‘‘ සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 07 January 2022
හිටපු ජනපතිගේ පෙත්සමක් ඉවතට පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු නිශ්ප්‍රභ කොට තමන් එම නඩු වලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසරු චතුරිකා ද සිල්වා මහත්මිය ප‍්‍රතිෙක්‍ෂප කළාය. 07 January 2022
අවශ්‍ය වුනොත් මියන්මාරයෙන් හාල් ගෙනවා සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වාහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 07 January 2022
තෙල් ටැංකි ගිවිසුමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ ඊට අදාල ගිවිසුම බලරහිත කරන්නැයි ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියෝ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ගොනු කළහ. 07 January 2022
ධනුෂ්ක ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 January 2022
‘‘විදේශ සංචිත ගැටලුවට විසඳුම් සෙවිය හැක්කේ කර්මාන්තකරුවාටයි‘‘ මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 07 January 2022
සරසවියේදී සෑම සිසුවකුට තොරතුරු තාක්ෂණය උගන්වයි මේ වසරේ සිට විශ්ව විද්‍යාලයට ඇතුළුවන සෑම සිසුවකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදැරීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 07 January 2022
ගුවන්තොටුපොළෙත් එන්නත් මධ්‍යස්ථානයක් ගුවන් හමුදාව විසින් කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (7) සිට පිහිටුවා ඇති බව ගුවන් හමුදාව පවසයි. 07 January 2022
සිරකරුවෝ හතරක් ධර්මාචාර්යට පෙනී සිටිති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනකු මෙරවර ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2022
චීන සමාගමට මුදල් ගෙවයි චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ. 07 January 2022
තෙවැනි මාත්‍රාව වේගවත් කරන්න උපදෙස් ඔමික්‍රෝන් සැර කොරෝනා ප්‍රභේදය පැතිරීම පැතිරීම සැලකිල්ලට ගෙන කොවිඩ් මර්දන එන්නත් තෙවැනි මාත්‍රාව( බූස්ටර් එන්නත) ලබාදීම ඉදිරි සති කිහිපයේදී වේගවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 07 January 2022
පාන් පෝලිමටත් අතවනයි තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 කට නිල නොවන මට්ටමින් අළෙවි කරන බවත් රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් වැඩි මිලට පිටි මිලදීගෙන බේකරි කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026