IMG-LOGO

මාධ්‍යවේදී සුනිල් මාධව දිවි ගමනට සමු දෙයි

(කීර්ති ප්‍රනාන්දු)

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගත් කතුවරයකු හා ලේඛකයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ දෙටු පුත්‍රයා වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මිය යන විට 78 වියේ පසුවිය.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඒ මහතා විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර අන්ධකාරයේ දරුවා, ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලි ගේ කතාව, සත්‍යවාදියෙකුගේ දිනපොත , ශ්‍රී ලාංකික පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් ග්‍රන්ථ කීපයකි.

එසේම සුනිල් මාධව යන් විසින් රචනා කරන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දසකයේ ශ්‍රී ලාංකීය පුවත්පත් මාධ්‍ය කලාවේ තීරුලිපි රචනාව නව පරිවර්තනයක් ඇති කළේය. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නැගී එන නවක මාධ්‍යවේදීන් හට ගුරු හරුකම් ලබාදුන් සුනිල් මාධවයන් අති දක්ෂ දේශකයෙක් ද විය.

සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

 



අදහස් (3)

මාධ්‍යවේදී සුනිල් මාධව දිවි ගමනට සමු දෙයි

මැක්ස් Thursday, 24 February 2022 10:25 AM

ඇත නෑර කියවපු - 8 වැනි පිටුවේ අදියුරූ! නිවන් සුව ලැබේවා!

:       0       0

කිරි පුතා Thursday, 24 February 2022 10:31 AM

තමන්ට ආදරය නොකළ මානව හිතවාදීව මනුස්සකම් පිරුණු සංවේදී මනුස්සයෙක්.

:       0       0

චන්දන Thursday, 24 February 2022 11:19 AM

සත්‍ය, සමාජවාදී මාවත ජනතාව අතරට ගෙනයාමට උත්සාහ කල සහෘදයාණනි, ඔබට සුබ ගමන් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site