IMG-LOGO

‘වැස්ස ලැබෙන තුරු විදුලිය කපන්න වේවි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වර්ෂා කාලය උදාවන තුරු විදුලිය කෙටි කාලයකට විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල වැඩබලන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී  අද (24) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)  යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලිය විසන්ධි කරන සැලැස්ම සහ විදුලිය කපා හැරීම ප්‍රදේශ පිළිබඳ සැලැස්ම අනුමැතිය සඳහා මහජන උපයෝගිතා  කොමිසමට ඉදිරිපත් කර ඇතැයිද  වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ආයෝජන මණ්ඩලය යටතේ එන කර්මාන්ත කලාප සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි සඳහන් කළ දිසානායක මහතා පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර හිමි කර්මාන්තකරුවන්ට  විදුලිය විසන්ධි වන කාලයේදි  විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල්  36 ක මුදලක් ගෙවීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ඒ වැඩපිළිවෙළ සඳහා කර්මාන්තකරුවන් ඒකරාශී කර ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරගෙන යන බව වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

‘වැස්ස ලැබෙන තුරු විදුලිය කපන්න වේවි‘

wikcy Thursday, 24 February 2022 03:27 PM

කපන එකක්, හැමදාම එකම වෙලාවට කැපෙන්නේ නැතිව කාල සටහනක් හදලා හරියට වෙලාවට කැපුවා නම් හරි... නැත්නම් අපිට හැමදාම 7 ඉඳලා 9.30 වෙනකන් කපනවා. කට්ටියකට හැමදාම හිරුඑළිය තියෙන වෙලාවට කපනවා.

:       0       3

යෝගා Thursday, 24 February 2022 04:25 PM

විදුලි මාෆියාව කනෙන් ඇදලා එළියට දාලා ඊළඟ නියඟයට කළින් සූර්ය කෝෂ ටික සවි කරගන්න..

:       2       3

Bamunuarachchi Thursday, 24 February 2022 04:53 PM

ඔව් ඒක අපි දන්නවා. හැබැයි බත්තරමුල්ල ප්‍රදේශයට විදුලිය කපන්නේ නැහැ... ඒ ඇයි?

:       2       2

Lalith M Thursday, 24 February 2022 09:29 PM

ඕක කියන්න ඇමතියෙක් ඕනෑ නෑ. ප්‍රශ්න විසඳන්න තමයි ඇමැතියෙක් ඉන්නේ. එයාට බැරිනම් අස්වෙලා වැඩ දන්න කෙනෙක්ව දාන්න සර්ට කියන්න.

:       0       0

Lalith M Thursday, 24 February 2022 09:31 PM

බමුණා ආලෝකයට මූන දෙන්න බය නිසා.

:       0       0

ආලෝකා Thursday, 24 February 2022 06:40 PM

අනියමාර්තේ අසම්භාව්‍යක් ක්‍රියාවෙන් හැමදාම කරන්නද හදන්නේ? එහෙම නම් තෙල් නැත්නම් කපන්න වෙනවා. ගල් අඟුරු නැතුව කපනවා කියමින් නොසිට ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් වහාම සොයන්න. එහෙම නැතුව රටට සේවයක් කරන්න බැහැ.. (මම අහලා තියෙනවා නැනෝ කාරයා හැදුවේ ව්‍යාපාරික ටාටා අත්දුටු සිද්ධියක් නිසා කියලා... එතුමා තමා යටතේ සිටි සියලු ඉංජිනේරු තුමාලගේ අදහස් ගෙන සියලු දෙනාටම බැහැ කිව්වාට පස්සේ ආධුනික ඉංජිනේරු මහතෙකු බාරගත්තා... එහෙමයි නැනෝ කාරය හැදුවේ එහෙම නම් සූර්ය බලශක්තිය ගන්න බැරිද? )

:       0       6

thilakFriday, 25 February 2022 06:54 AM

කට කට...

:       0       0

SarasiFriday, 25 February 2022 08:15 AM

වැඩේ කියන්නේ තමන් වියදම් කරගෙන දාන සූර්ය කෝෂ පාස් කරන්න කොච්චර කල් ගන්නවා ද මණ්ඩලය..!

:       0       0

Bunny Preena Friday, 25 February 2022 09:36 AM

අවුරුදු 5කට හෝ යම් කාලයකට මහජනයා පත්කරන ආණ්ඩුව එම කාලය තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ටද වගකිව යුතු බව සමහර අයගේ අදහසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site