(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද (24) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මියගොස් ඇති තරුණයා හොරණ මිල්ලෑව පදිංචිව සිටි පාඨමාලාවක් හදාරන 17 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට ගොස් යළි මිල්ලෑව නිවස බලා පැමිණෙමින් සිටියදී මොරගහහෙන යකහලුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේන සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස වම් පස ගමන් ගත් පුද්ගලයා බවත් ඊට පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයාද බරපතළ තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි .
අනතුරක් සමගම තරුණයන් ගමන්ගත් මෝටර් රථයේ ඉදිරිපස සිරවී සිටි මියගිය තරුණයාව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගත්තද ඔහු ඒ වන විටත් මිය ගොස් තිබූ බව ගම්වාසීයෙක් පැවසීය.
අනෙක් මෝටර් රථය තරුණයන් ගමන් ගත් මෝටර් රථයේ ගැටීමත් සමඟම විසිවී ගොස් අසල තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි .
මියගිය තරුණයා ගමන් ගත් මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
අනතුරින් මෝටර් රථ දෙකටම බරපතල අලාභ සිදු වී ඇත.මොරගහහේන පොලීසිය පරීක්ෂණ පවත්වයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාර් දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට