ඉන්ධන ගන්න දිගු පෝලිම් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පළවූ පුවත් හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (19) රාත්‍රියේ සිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබිණි. 20 August 2021
‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘ රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම ’’ඩීල්’’ එකක් යැයි කියන තරමට ඇතැම් දේශපාලනඥයින් බංකොලොත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 20 August 2021
ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි. 20 August 2021
කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් තහනම ඉවතට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්භ කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියා සිටී. 20 August 2021
ඇඳිරි නීති කාලය තුළ අවු: 60ට වැඩි අයට එන්නත් නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සෞඛ්‍ය අංශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 20 August 2021
අද සිට දින 10 රට වහයි කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. 20 August 2021
රට වැසීම ගැන ඇමති සිසිර ජයකොඩිගෙන් අලුත් යෝජනාවක් රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 20 August 2021
“හරක් කටාට” අයත් සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මාතර මිද්දෙණීයේදී අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 August 2021
එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානයට වීඩියෝ බෙදූ තරුණයකු අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණීන් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 August 2021
රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ. 20 August 2021
ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොවිඩ් වැළඳී මියයයි කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත. එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් මරණයට පත්ව ඇති අතර ඇය 52 හැවිරිදි දෙදරු මවකි. 20 August 2021
කුඩ්ඩා උ.පො.පරීක්ෂකට බෝතලයකින් පහරදෙයි බ්ලූමැන්ඩල් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයක් කඩා තුවාල සිදු කළ මත් ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 August 2021
“අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා’’ මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී 20 August 2021
’’ඕනෑම රටකට ඕනෑම එන්නතක් ලබා ගෙන යන්න පුළුවන්’’ ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන මෙරට සිට ඕනෑම රටකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 20 August 2021
රටවල් තුනක තානාපතිවරියෝ මුදල් ඇමති හමුවෙති රටවල් තුනක මෙරට තානාපතිවරියෝ මුදල් අමාත්‍යාංශයට පෙරේදා අමාත්‍යාංශයට පෙරේදා (19) මුදල් පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. 20 August 2021
ඇමති බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත. 20 August 2021
පවිත්‍රා නිවසේ සිට නව ප්‍රවාහන ඇමති ලෙස වැඩ අරඹයි නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය . 20 August 2021
ගම්පහින් ආසාදිතයන් 2424ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 20 August 2021
“ඉන්ධන හිඟයක් නෑ’’ රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි හිඟයක් ඇතිවේ යැයි අසත්‍ය ප්‍රචාර කිරීමෙන් ජනතාව කබලයට පත්වන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 August 2021
හොර සිගරැට් තොගයක් දෙහිවලින් අල්ලයි තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් ලක්ෂ 18ක් ඔහු වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු දෙහිවල ඩඩ්ලි සේනානායක පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය බළකාය කියයි. 20 August 2021
’’සම්පූර්ණයෙන්ම රට වැසීමට අවශ්‍ය නෑ’’ කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණ වශයෙන් ’’ලොක්ඩවුන්’’(වැසීම) කළ යුතු යැයි තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකරන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය. 20 August 2021
පළාත් හතරකට හෙට සහ අනිද්දා තද වැසි දිවයිනේ පළාත් හතරකට හෙට (21) සහ අනිද්දා (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2021
ජනපති හෙට ජාතිය අමතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත. 19 August 2021
ගල්කිස්ස නීතීඥ සංගමය ගත් තීරණය හදිසි කරුණකට හැර ලබන 27 දක්වා ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතුවලින් වැළකී සිටිමට ගල්කිස්ස නීතීඥ සංගමය තීරණය කර ඇත. 19 August 2021
‘‘තෝර්ට‘‘ දැන් සුවයි දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව සිටි ’’ තෝර්’’ නැමැති කේසර සිංහයා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇවිද යාමටද පටන් ගෙන ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. 19 August 2021
සියයට පහක ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. 19 August 2021
ඇමැති සුදර්ශනීගෙන් ආයාචනයක් කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නීය. 19 August 2021
‘‘පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාරික කටයතු කළ නොහැකියි‘‘ පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ණයපත් (ක්‍රෙඩිට් කාඩ්පත්) භාවිත කර ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ඊයේ (19) ප්‍රකාශ කළාය. 19 August 2021
කොරෝනා මරණ 186ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 August 2021
ඩෙල්ටාව ආ දින සිට උද්ඝෝෂණ 847ක් පවත්වලා ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 19 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026