(මනෝප‍්‍රිය ගුණසේකර)
බලපත‍්‍ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.
දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට කොළඹ මහේස්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව අලි හිමිකරුවන් විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන ඇයැදුම් පත් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය”
දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනාගේ හිමිකරුවන් වන අනූෂා විජයන්ති පෙරේරා සහ ප‍්‍රදීප් සංජය මීවලපලාන නමැත්තන් මහෙස්ත‍්‍රාත් අධිකරණ තීන්දදුව අභියෙයා්ගයට ලක් කරමින් මෙම ප‍්‍රතිශෙශා්ධන ඇයැදුම් පත් ඉදිරරිපත් කොට තිබිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙව්මිණි සහ වස්තු හිමිකරුවන්ට බාර දෙන්න
sirannn Thursday, 24 February 2022 05:49 PM
අලි ඇතුන් ඇතිකිරීම වහාම තහනම් කළයුතුයි. තවදුරටත් මේ සත්තු ගෙවල්වල, පන්සල්වල හදන්න ඕනේ නැහැ. හීලෑ අලි {සිරගතකළ අලි} ලංකාවටම 100 ක් පමණයි. සත්තු වත්ත සමග අනිත් අය කැලේට අත අරින්න නීති දාන්න. අනිවාර්යයෙන් සංස්කෘතික අංශවලට ඔවුන් දිය යුතුයි... යන නීති සමග දළදා පෙරහැර මූලික කොට... අලි 50 කට වඩා පෙරහැරේ ගෙනයාම තහනම් කළයුතුයි. අලියා හුරතලෙක් නොවේ. ඈත කාලයේ ශ්‍රමය සඳහා යොදා ගත්තෙක්... පම්පෝරියට ඔවුන්ට වදදිය යුතු නැහැ.
ලුම්බිණි Friday, 25 February 2022 06:58 AM
ඉතාම අසාධාරණයි...
sharm warn Friday, 25 February 2022 08:54 AM
මේ අයිතිරකරුවන් කවුද කියලා කියන්නේ නැත්තේ ඇයි? බයද නම් ගම් කියන්න? අනිත් එක මේක දරුණු හිංසනයක්. කොහොමවත් අනුමත කරන්න බැහැ. පුරාජේරුව පෙන්වන්න කැලේ ඉන්න සත්තු යොදාගත්තේ නූගත් සමාජයක්... ඔච්චරම රුදාවක් තිබේ නම් සිමෙන්තියෙන් අලියෙක් හදලා දොරකඩ ළඟ තියාගන්න. සමාජයට නැති ලෙඩ බෝ නොකර...!
kamal Friday, 25 February 2022 11:59 AM
අලි ඇතුන්ගේ අයිතිය තියෙන්නේ උන් වදාපු ඇතින්නට වුණත්, මිනිස්සු ඒකත් කළාද දන්නේ නැහැනේ...