කුසල්,ධනුෂ්ක,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 07 January 2022
රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කරයි ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2022
මැතිසබයේ කෑම පිල්ලි යාම වැලැක්වීමට අලුත් වැටක් පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 07 January 2022
දුම්රිය ආරක්ෂකයින්ගෙන් මගීන්ට සත්තමක් මඩකළපුව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ රාජකාරි කරමින් සිටියදී මගීන් අපහසුතාවට පත්වන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වීම නිසා දුම්රිය ආරක්ෂ නිලධාරීන් දෙදෙනෙක් කැකිරාව දුම්රිය ස්ථානයේදී ඊයේ (6) රාත්‍රී පැනගොස් තිබේ. 07 January 2022
ලක්ෂ පහක් කොවිඩ් එන්නත මග ඇරලා ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත් එකම මාත්‍රාවක් හෝ ලබා නොගෙන මග හැර සිටින බව වාර්තා වේ. 07 January 2022
විදුලිය අදත් බිඳවැටිය හැකියි කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අද (7) දිනයේත් විටින්විට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය. 07 January 2022
කොටදෙනියාවේ දරුදෙදෙනා පැන ගියාද සඟවාගෙන සිටියාද මාස එක හමාරක් තිස්සේ අතුරුදන්ව සිටි දරු දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ රඳවාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 07 January 2022
පළාත් කීපයකට අදත් වැසි වාර කීපයක් උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 07 January 2022
තෙල් ටැංකි ව්‍යපෘතියට අත්සන් තබයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුකෙරිණ. 07 January 2022
රාජාසන කතාව ගැන දින දෙකක විවාදයක් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. 06 January 2022
තවත් ආසාදිතයෝ 584 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 584 දෙනකු අද (6) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 January 2022
ලිට්රෝ සමාගමෙන් දවසකට සිලින්ඩර ලක්ෂයක් ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් ඉදිරියේදී දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 - 100,000 ක උපරිමයක් දක්වා වෙළෙඳපොළට සපයන බවත් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 January 2022
ඇහැළේපොළ වලව්ව බලන්න ජනපති යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහනුවර රජවීදියේ පිහිටි වසර 400කට වඩා ඉපැරණි ඇහැළේපොළ වලව්ව වෙත අද (6) පස්වරුවේ ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට කළේය. 06 January 2022
අලුත් කොරෝනා මරණ 18 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 January 2022
යානයක් යවා වීඩියෝ කළාට 50,000 ක් දඩ නිසි බලපත්‍රයක් නොමැතිව වැලිගම මුහුදු තීරයේ දී යානාවක් ගුවන් ගත කර වීඩියෝ කළැයි වරද පිළිගත්, ඉන්දීය ජාතික ධනවත් ව්‍යාපාරික තරුණ යුවළකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) රුපියල් 50,000ක දඩයක් නියම කළේය. 06 January 2022
ගෑස් පිපිරීම් ගැන රහසිගත විමර්ශනයක් ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 January 2022
හැකිනම් පළාත් සභා තියන්න හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රුපියල් පන්දහසකින් ජනතාව රවටා මැතිවරණයකට සැරසෙන ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (06) පැවසීය. 06 January 2022
හැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයි රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ලැබීය. 06 January 2022
‘‘20 විහිළුවක් වෙලා‘‘ විසිවැනි සංශෝධනය අද වනවිට විහිලුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. 06 January 2022
‘‘ඇමැතිට තෙල් ටැංකි ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බෑ‘‘ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉඩම් අයිතිය තෙල් සංස්ථාව සතුව නොපවතින බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට නොහැකි බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 06 January 2022
වරායේ සිරවූ කන්ටේනර් හෙට සිට නිදහස් වරායේ සිරවී ඇති අනවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් හෙට සිට නිදහස් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීප ට පැවසීය. 06 January 2022
පොලිසියේ පරිසර ඒකකයට පාපැදි 300ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම කොට්ඨාස අවාරණය වන පරිදි පොලිස් ස්ථානයන්හි පරිසර ආරක්ෂක අංශ වෙත පාපාැදි 300 ක් බොදා දීම අද (6) පොලිස් ක්ෂෙත්ර බලකා මුලස්ථානයේ දී සිදු විය. 06 January 2022
රූපවාහිනියට නව සභාපතිවරයෙක් රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. 06 January 2022
‘‘මා කියන දේ නොකළොත් මාස තුනකින් ගෙදර‘‘ වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (Online) මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කාර්යංශයේ ඉහළ නිලධාරින්ට අද (06) දැනුම් දුන්නේය. 06 January 2022
ගුවනින් ගිහින් කංසා හේනක් වටලයි කුමන රක්ෂිතයේ හිඳකඩ වලාන ප්‍රදේශයේ පිහිටි ගන කැලෑවක වගාකර තිබූ අක්කර හතක කංසා වගාවක් ගලවා ගුවන් මගින් ශ්‍රාස්තවෙල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුව බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 06 January 2022
සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව පක්ෂයෙනුත් පියවර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 06 January 2022
සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක් පිහිටුවා ඒවායේ වැඩ කටයුතු සඳහා දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් සියය බැගින් බඳවා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 06 January 2022
කොටදෙණියාවේ දරුවන් හමුවෙයි කොටදෙනියාවේ වතුමුල්ලේ බාඳුරාගෙඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමු වූ බව පොලිසිය කියයි. 06 January 2022
ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරේ රටේ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් පවතින හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 06 January 2022
“සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට ඉන්දුනිසියානු සාම්ප්‍රදායික වගා ක්‍රමයක් වන “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත. 06 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026