IMG-LOGO

ලක්ෂ භාගයකට අලෙවි වන කොස්ගෙඩිය

බ්‍රිතාන්‍යයේ වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

එහි සංචාරයක නිතර වූ බී.බී.සී පුවත් සේවයේ මාධ්‍යවේදියකු වූ රිකාර්ඩෝ සෙන්රා හට වෙළඳසලක විකිණීමට තබා තිබූ  ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියක් නෙත ගැටී ඇත.

ඔහු  මෙම කොස් ගෙඩියේ ඡායාරූපයක් ගෙන ඔහුගේ  ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ  ඇතුළත් කර ඇත. 

මෙසේ රුපියල් 44130 කට කොස් ගෙඩියක් විකිණීමට  තබා ඇත්තේ බි‍්‍රතාන්‍ය යේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළය. ට්වීටර් පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් මින් විමතියට පත් වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිවර්තන කලාප රටවල සිටින පුද්ගලයන් කොස් විකුණා බිලියන පතියන් වීමේ අදහසින් බි‍්‍රතන්‍ය යට පැමිණෙනු ඇති බවයි.

බොහෝ රටවල ගස්වල තිබෙන කොස් ගෙඩි අපතේ යන විට බි‍්‍රතාන්‍ය යේ කොස් ගෙඩියක් මෙතරම් මිලකට අලෙවි වන්නේ ඇයිදැයි ට්විටර් පරිශීලකයන් ප‍්‍රශ්න කරයි.



අදහස් (2)

ලක්ෂ භාගයකට අලෙවි වන කොස්ගෙඩිය

uk ran Thursday, 24 February 2022 05:07 PM

මේ වරකා... කොස් නෙවෙයි. ලංකාවේ අපිට අගේ නැති වුණාට වෙන අයට වටිනවා.

:       0       2

චන්දිම ෆොන්සේකා Saturday, 26 February 2022 11:51 AM

රටක් විදියට ගත්තොත් අපිට ලෝකේ ඉදිරියට යන්න ගොඩක් දේවල් ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා. අපේ රටේ කෙසෙල් ගත්තොත් එකිනෙකට වෙනස් රසැති ප්‍රභේධ විසි ගානක් තියෙනවා නේද? විදේශිකයෝ අපෙන් අහන්නේ පුදුමයට පත් වෙලා. කොස්, වැල, වරකා වුණත් එහෙමයි. අපේ රතුවරකා, රෝස වරකා වලින් ඩොලර් උල්පත් මවා ගන්න පුළුවන්. අර ජාතක පොතේ එන මැරුණු මි කුණක් විකුණලා හම්බ කරන්න පටන් ගත්තු තරුණයා ඉතා ධනවත් සිටුවරයෙක් වුණා වගේ කෙනෙක් ඉන්නම ඕනෑ වැඩේ හරියට පටන් ගන්න... තායිලන්තයේ අක්කර ගණන් බිම් සකස් කරලා කෘත්‍රිම ජල සම්පාදනය කරලා කොස් වවන්නේ. ඒ නිසා තමයි ඒ රටවලට මොන හෙනේ ගැහුවත් ඩොලර් හිඟ නැත්තේ. විදේශිකයෝ තායි රටට ආපු ගමන් හොයන්නේ වරකා තියෙන්නේ කොහෙද කියලා. අපේ දේශපාලුවන් නිතරම හිතන්නේ මොකක් හරි යටිකූට්ටු වැඩකින් පොහොසත් වෙන්න මිසක් මේ සම්පත් වලින් නිසි ඵල ප්‍රයෝජන ගන්න නෙමෙයි. එකයි අපේ කරුමේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site