IMG-LOGO

රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ තත්වය පිළිබඳ  සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී  සභාවේ ගණපූරණය  නැතිවීම නිසා  මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින්  පාර්ලිමේන්තුව හෙට උදේ 10.00  දක්වා කල් තබනු ලැබීය.

මේ අනුව විවාදය  අතරමඟ නැවතී  ගියේය.

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැතැයි මුලසුනට දැනුම් දෙනු ලැබුවේ ඉහත සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසිනි.

තමාගේම කණ්ඩායමේ  යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අවස්ථාවක  එම කණ්ඩායමේම මන්ත්‍රීවරයකු ගණපූරණය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීම ඉතිහාසයේ පළමු වතාවට සිදු වූ සිද්ධියක් බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සභාවේ ඝනපූර්ණය නැතැයි  රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා මුලසුනට දැනුම් දෙනු ලැබුවේ පස්වරු  4. 25 ට පමණය.

ඒ අනුව  මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයාගේ දැනුම් දීම අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කෙරිණ. එහෙත් ගණපූරණය සම්පූර්ණ වන ආකාරයට   මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ රැඳී නොසිටීම නිසා රාඝවන් මහතා විසින් පාර්ලිමේන්තුව අද දක්වා කල් තබනු ලැබීය .

පාර්ලිමේන්තුවේ අවසන්  වරට රැඳී සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සහ විපක්ෂයේ එක්  මන්ත්‍රීවරයකු පමණි.



අදහස් (2)

රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ

කිරි පුතා Wednesday, 23 February 2022 07:54 PM

එයාලාට අර්බුදයක් නෑනේ. ඒකයි...

:       0       17

RaveendraThursday, 24 February 2022 06:03 AM

ආව කියල ඒ මලපෙරේතයන් මොනවා කරන්නද ?? වතුර වීදුරුවක් හරි මහජන මුදලින් "ගිලල" යයි . හොදටි අද දින පට්ටියේ හිටපු මලපෙරෙතයන්ගෙන් ලැබුණු සේවය විමසා බලමුකෝ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site