IMG-LOGO

ඔන්ලයින් කරන්න දුන් දුරකතනයෙන් ජරා වීඩියෝ බලා දැරියක් ගැබිනියක් කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් දුන් ජංගම දුරකථනයෙන් අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් හත් මසක ගැබිනියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

දැරිය රෝහල් ගත කර ඇති අතර 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත

තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට ගන්නා බවට මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව  මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙ වෙත දැරිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂාවේ දී මේ බව හෙළි වූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා ම එකම පාසලක දහවන සහ එකොළොස්වන වසර වල අධ්‍යාපනය ලබන අතර නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

සැකකාර සිසුවා ගේ මව්පියන්  රුපියල් 27000 මුදලකට මිලදී ගත් ජංගම දුරකථනය සිසුවාට මීට මාස කීපයකට ඉහතදී මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබු බව විමර්ශනවලදී හෙළිවී ඇත

එමගින් අන්තර්ජාලය හරහා අසැබි දසුන් නැරඹීමට පුරුදුව සිටි සිසුවා දැරිය සමග ඒ අයුරින් සිට ඇති බව සැකකාර සිසුවා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනාටම ඔවුන් සිදුකළ ක්‍රියාවේ බරපතළ බවේ නිසි අවබෝධයක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස හැසිරී ඇතැයි ඔවුන් දෙදෙනා සමඟ ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තහවුරු වූ බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය

ඔහුන් මෙලෙස හැසිරුණත් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ද නොවන බව පොලීසිය දෙදෙනාගේ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් තහවුරු වූ බව නවගමුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය

 



අදහස් (0)

ඔන්ලයින් කරන්න දුන් දුරකතනයෙන් ජරා වීඩියෝ බලා දැරියක් ගැබිනියක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site