‘‘කොරෝනා මැඩලීමේ වගකීම සෞඛ්‍ය අංශයට දිය යුතුයි‘‘ අද රට මුහුණ දෙමින් ඇති භයානක ඛේදවාචකයෙහි පළමු වගඋත්තරකරු ආණ්ඩුව බවත් එහි දෙවන වගඋත්තරකරුවා ආණ්ඩුව විසින් පත්කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 12 August 2021
කඳුරට තැන තැන නාය යෑම් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කදු කිහිපයක් ප්‍රධාන මාර්ගයට (12) දින කඩා වැටිමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා පවසයි. 12 August 2021
ගෑස් සමාගම්වල ගෑස් බස්සන්න සිපෙට්කෝ ගෑස් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පවරා තිබේ. 12 August 2021
කොරෝනා මඬින්න එජාපෙන් යෝජනා මාලාවක් ලංකාවේ දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය අද(12) ප්‍රකාශයට පත් කරයි. 12 August 2021
රත්නපුරයට සුළු ගංවතුර තත්වයක් රත්නපුරය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග කලූගඟේ සහ කුරුගඟේ ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග ගංවතුර අවදානම් මට්ටම පසුකර සුලූ ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුවගම ජල මාපකයේ සටහන් තහවුරු කරයි. 12 August 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වහයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල සේවකයින් කිහිප දෙනෙකු ‘කොවිඩ් -19’ ආසාදිතයන් බවට තහවුරු වීම නිසා මෙ කාර්යාල දෙක සඳුදා (16 වැනිදා) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 12 August 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 12 August 2021
ගුරු - විදුහල්පති නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි. 12 August 2021
අධිවේගයේ ගමන් කරන්නන්ටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන රියදුරන්ටද කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත. 12 August 2021
කොළඹ මහාධිකරණ විනිසුරු අල්ලස් කොමිසමේ දොස දකී නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව සඳහන් කරමින් දේශපාලනඥයන්ට විරුද්ධ නඩු බොහෝමයක් අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිෂම උනන්දුවක් දක්වන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැවසීය. 12 August 2021
‘ලිට්රෝ ගෑස් මිල ඉහළ දමන්නේ නැහැ‘ ලාෆ් ගෑස් මිල වැඩි කළ ද ලිට්රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 12 August 2021
කිරිපිටි ගන්න පෝලිමේ අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇත. 12 August 2021
ඉන්දියාවේ සිට එන ලාංකික ගුවන් මගීන්ට කොරෝනා නීති ලිහිල් කිරීමක් ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලංකිකයින්ට පුර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමටත්, පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත් අවසර ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. 12 August 2021
ලාෆ් ගෑස් මිල ඉහළට ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ. 12 August 2021
රැකියා දෙන බව පවසා මුදල් ගැරූ කාන්තාවක් ඇතුළු 2ක් දැලේ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් පුද්ගලයන්ට රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 August 2021
එන්නත් ගන්න රන්දිය උයන - මිහි ජය සෙවනට එන්න කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී සිදු කරන බව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 August 2021
දෙහිවල සත්වෝද්‍යානයේ කොටියකුටත් කොවිඩ්? දෙහිවල සත්වෝද්‍යානයේ කොටියෙකුටත් කොවිඩ් ආසාදනයවී ඇද්දැයි සැකයක් මතුව ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 12 August 2021
15 හැවිරිදි දැරිය අලෙවි කළ වෙබ් අඩවි හතරක් තහනම් කරයි ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 August 2021
ලං.ග.ම සේවකයින් 285කට ‘කොරෝනා’ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 285 ක් පමණ මේ වන විට ‘කොරෝනා’ ආසාදිතව සිටින බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 12 August 2021
අද කාලගුණ තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 August 2021
ජපානය ලංකාවට තුති පුදයි මෙවර ජපානයේ ටෝකියෝහිදී පැවැති 2020 ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවීමෙන් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූණවර්ධන මහතා හමුවී සඳහන් කළේය. 11 August 2021
ජපන් ගබඩාවක් කැඩූ තුනක් මාට්ටු නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඇතුළු වටරවුම් මාර්ගයේ ඉදි කිරීම් සිදුකරන ජපන් සමාගමකට අයත් ගබඩාවක් බිඳ , රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 11 August 2021
නැඳුන්ගමු ඇත් රජුට මහනුවරදී ඉහළ පිළිගැනීමක් ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ. 11 August 2021
ආසාදිතයන් තවත් 736ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 August 2021
කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 124 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) පස්වරුවේ තහවුරු කළේය. 11 August 2021
වැල්වැටිතුරෙයි නගර සභාපති කොරෝනාවෙන් මරුට යාපනය වැල්වැටිතුරෙයි නගර සභා සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා කොවිඩ් -19 වයිරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි 11 August 2021
වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය - වනජීවී දෙපාර්තමේන්තුවේ අංශයක් වසයි කොවිඩ් අවදානමක් හේතුවෙන් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් අංශයද වසා දමා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. 11 August 2021
ධම්මක පැණියේ බලපත්‍රය අහෝසි කරයි ‘ධම්මක පැණිය‘ කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය. 11 August 2021
කොරෝනා ආසාදිතව ආයුර්වේද රෝහල්වලින් සුවය ලැබූ 2843ක් පිටව යයි ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 3820ක් පසුගිය මාස දෙක තුළ ආයුර්වේද රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඉන් 2843ක් කිසිඳු සංකූලතාවක් නොමැතිව පිටව ගොස් ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය. 11 August 2021
කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා ඉන්දියාවේ ’කොවිඩ් 19’ සුවවූවන් වැඩි දෙනකු දියවැඩියා රෝගීන් බවට පත් වී ඇති බවත්, ’කොවිඩ් 19’ ආසාදනය වීමට පෙර, ඔවුන් කිසිවකුටත් දියවැඩියාව නොතිබුණු බවත් මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවය සමඟ පවසා ඇත. 11 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026