IMG-LOGO

පළාත් 7ක පාලම් 66ක් නවීකරණයට පියවර

(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ පළාත් හතක  පාලම් 66 ක්  කුවේට්  ආධාර යටතේ  ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  රට හදන සෞභාග්‍යයේ දැක්ම  ප්‍රතිපත්ති මාලාව යටතේ මෙම පාලම් ප්‍රතිසංස්කරණය කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.

කුවේට්  රජය  මූල්‍ය ආධාර සපයන  මෙම පාලම් ව්‍යාපෘතිය   වසර තුනක් ඇතුළත අවසන් කිරීමට නියමිතය

ජාතික මාර්ගයන්හි  පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීම සහ  පටු පාලම් පුළුල්  කර ප්‍රතිසංස්කරණය කිරීමෙන්  මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ගමන් එමගින් ජනතාවට ගමන්  කාලය අවම කර ගැනීමටද  හැකියාව  ලැබෙනු ඇතැයි සඳහන් වේ.

එමෙන්ම ගංවතුර , නායයෑම් වැනි හදිසි ආපදා තත්ව  යටතේ වුවද රට පුරා මාර්ග ජාලයේ  බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇති  ඇති බවත්  මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිත බව  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත්  පැවසුවේය.

 



අදහස් (4)

පළාත් 7ක පාලම් 66ක් නවීකරණයට පියවර

janahitha Wednesday, 16 February 2022 06:37 PM

ගුවන් පාලම්ද ඇමැතිතුමා...?

:       0       0

chandima Wednesday, 16 February 2022 11:17 PM

අඩේ අප්පා මල්ල කරේ නේද? ඡන්දෙන් පරදින්න ඉස්සර වෙලා ගාණක් හොයාගෙන යන්න පුළුවන් වගේ....!

:       0       0

Sanath Jayasumana -Kurunagala. Thursday, 17 February 2022 08:43 AM

එතකොට කොයි පාලමෙන්ද පටන්ගන්නේ?

:       0       0

sharm warn Thursday, 17 February 2022 09:50 AM

කොහෙන් හරි මේ අය මඩිය තරකරගන්න එක නම් අඩුවක් නැතිව වෙනවා. මේ කොළඹ ඇතුළේම තියෙනවා යන්න බැරි පාරවල්. මහ රෝහලේ රෝහල් චතුරශ්‍රයේ තියෙන අබලන්කම කාටවත් පේන්නේ නැහැ. ඇස් වාට්ටුව ඉස්සරහට පාර මාරුවෙන්න පදික මාරු පාලමක් දාන්න කාටවත් මතක් වෙන්නේ නැහැ. ලොකු කුට්ටියක් ගන්න පුළුවන්... එව්වට නම් උඩ පැනගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site