IMG-LOGO

සියලු මරණවලට පී.සී.ආර් අවශ්‍ය නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් වාර්තාවක් මින් ඉදිරියට ලබාගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මරණ පරීක්ෂක වරයාගේ හෝ ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය අනුව පමණක් බව  කොවිඩ්  සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

මෘත ශරීර නිදහස් කර ගැනීමේදී ජනතාවට විඳීමට සිදුවූ අපහසුතා අවම කිරීමේ  අරමුණෙන් මෙම පියවර ගත් බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (2)

සියලු මරණවලට පී.සී.ආර් අවශ්‍ය නෑ

ඉරංග Wednesday, 16 February 2022 09:58 PM

2021 ජූනි නිකුත් කළ චක්‍රලේඛයක් මඟින්, සෑම මරණයක් සඳහාම PCR පරීක්ෂණයක් සිදු කිරීමේ අත්‍යාවශ්‍යතාවය ඉවත් කරන ලදී. එමගින්, කොවිඩ් මරණ වාර්තාවීම අඩුවිය. 2022 පෙබරවාරි චක්‍රලේඛයක් මඟින්, රෝහල්තුළදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණයකදී, පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් පමණක්, අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකි බවට නිර්දේශ කෙරිණි. මේ අනුව කොවිඩ් මරණ හඳුනාගැනීම තවදුරටත් අඩුවන අතර, මියගිය තැනැත්තාගේ ආශ්‍රිතයින් අතර කොවිඩ් පැතිරීමට ඉඩකඩ වැඩිවේ. අවමංගල්‍ය උත්සව සුපුරුදු ක්‍රමවලටම සිදුවීමෙන්, රෝග ව්‍යාප්තිය වැඩිවීමට ඉඩකඩ සැළසේ...

:       0       0

akram Thursday, 17 February 2022 01:05 PM

එතකොට මෙත්තිකාට මොකද වෙන්නේ ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site