IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


'යුතුකම් ඉටු නොකර පැන ගියොත් ශාප විඳින්න වෙිවි'

(අංජුල මහික වීරරත්න)

රටට අනාගතයක් ඇති කිරීමේ යුතුකම ඉටු නොකර පැන ගිය හොත් තරුණ පරපුර වත්මන් දේශපාලකයන්ට ශාප කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (16) පැවසීය.

යුතුකම් ඉටු නොකර පැන ගිය හොත් "ඔබ ලා රටේ අනාගතය මෙන්ම අපේ අනාගතය නැති කළා යැයි" තරුණ පරපුර දේශපාලකයන්ට බැණ වදිනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.

වීඩියෝ තාක්ෂණය මගින් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි දිළිඳු  ජනගහනය ලක්ෂ පහකින් පමණ වැඩි වී තිබෙන අතර එ් ප්‍රමාණය තවත් වැඩි වීමට නියමිත බවයි. 

මධ්‍යම පන්තිය කඩා වැටී ඉතා අසීරුවෙන් ජීවත් වන අතර ඇතැම් විට ඔවුන්ට මධ්‍යම පන්තියෙන් පිට වීමට සිදුවනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (19)

'යුතුකම් ඉටු නොකර පැන ගියොත් ශාප විඳින්න වෙිවි'

Bamunuarachchi Wednesday, 16 February 2022 04:51 PM

යුතුකම් අකුරටම ඉටුකළ කෙනෙක් තමයි මේ කියන්නේ.

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 16 February 2022 05:15 PM

හනේද කියන්නේ, අපේ රටේ මේ දේසපාලුවෝ කටින්ද මේ කතා කරන්නේ? 2015 දී මිනිස්සු බලය දුන්නේ ඊට කලින් පිස්සු වැඩ කලත් ඒ සැරේ වත් හැදිලා හිතට අරන් බොහොම අර පිරිමස්මෙන් කටයුතු කරලා රට ගොඩ ගනීවි කියාලා හිතාගෙන නේද? මොකද කලේ? හොරෙක් ගෙන්නාගෙන මහ බැංකුව කොල්ල කන්න දීල ඔහේ බලන් හිටියා. තව ඒ මිනිහව නිරුපද්‍රිතව රටිනුත් පන්නා ගත්තා. අද චිනට ඩොලර් ආකාරයක් කරගෙන තියෙන හම්බන්තොට වරාය මට මහා බරක් කියාලා කුණු කොල්ලෙට අවුරුදු 99 කට වික්කා. රටේ ඉතිරි ටිකත් විකුනල රට මැද්දෙන් තීරුවක් ඇමරිකාවට සින්න කරන්න හැදුවා. අර කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට කෝටි ගණන් මුදල් විනාස කළා. ඔය කරපු ටිකක් විතරයි. එතකොට අනාගත පරපුරට මොන මල දානයක්ද දෙන්නද ඔය විකාර කියවන්නේ. මම නම් හිතන්නේ ඔබට අයෙත් මේ රටේ කරන්න කිසිම දෙයක් නැහැ. අනාගත් පරපුරට සෑහෙන විනාසයක් ඔබ දැනටමත් කරලා තියෙන්නේ.

:       0       0

කිරි පුතා Wednesday, 16 February 2022 06:25 PM

මෙතුමා පාලනයේ හිටිය කාලේ තරුණ පරපුරට අත්පළඳනා දෙන්න, පෙම් උයන් එහෙම හදන්න ඕනෑ කියලා පාරම් බෑවේ අනාගතය ගැන හිතලා වෙන්ටෑ. සෑහෙන්න අනාගතය ගැන හිතලා රටට වැඩ කරපු නායකයෙක් නොවැ.

:       0       0

Raveendra Wednesday, 16 February 2022 06:28 PM

226 දෙනාටම දැනටමත් තොග වශයෙන් මහජන සාපය ලැබිලා තියෙන්නේ බොලව්... දැන් එනවා මෙතන සුරංගනා කතා කියන්න..

:       0       0

mp Wednesday, 16 February 2022 06:35 PM

සත්තකින්ම. ඒක තමයි කර්මය කියන්නේ... කර්මයට පිටුපාන්න හෝ බොරු කරන්න කාටවත් බැහැ...

:       0       0

Dasa P Wednesday, 16 February 2022 08:41 PM

යුතුකම් ඉටුකළ කෙනෙක් කතා කරයි...!

:       0       0

sunil Wednesday, 16 February 2022 08:48 PM

අපි නම් ඕක දැන්මම කරනවා....!

:       0       0

anuara Wednesday, 16 February 2022 08:55 PM

ඔබතුමා තමන්ගේ අත්දැකීම් විස්තර කිරීම ගැන කවුරුත් සතුටට පත්වෙනවා.

:       0       0

ජුණ්ඩප්පුවා Wednesday, 16 February 2022 09:58 PM

කොපමණ තැටමුවත්... අසුනක් නොදෙති කිසිවෙක්... එන පාරත් ඔච්චර තමයි. ඔයත් කරපු පව් සමා කරගන්ඩ ෆුල් ට්‍රයි නේහ්...!

:       0       0

Bandara Thursday, 17 February 2022 04:34 AM

පසුගිය වසර 4.5 වඩා අමාරුවෙන් ජීවත් වන බව නම් කාටත් තේරෙනවා දැන්...

:       0       0

nm Thursday, 17 February 2022 06:00 AM

බලය නිසා මේ ගොල්ලන්ට හරි වැරැදි පේන්නේ නැතිබව අප බොහෝකල් සිට දැන සිටියෙමු. එය වෙනස් කිරීම අපේ අරමුණ වේ. මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන පසුගිය අවස්ථා කිහිපයකදීම රට වෙනස් වියයුතු බව මාධ්‍ය මගින් කියා සිටියාය. මාධ්‍ය මගින් අදහස් ප්‍රකශ වුවද වර්තමාන රජයේ සහ දශක 7 විවේචනය කළයුතු වුවද වර්තමානයේ ජනතාව මුහුණ දෙන්නා වූ අර්බුද සඳහා විසඳුම් අවශ්‍යව ඇත. විවේචන තුළින් පමණක් විසඳුම් නොලැබේ. පසුගියදා ඇය සමස්ත කෘෂි කර්මාන්තය පිළිබඳව සහ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද කියා සමාජ මාධ්‍ය මගින් අදහස් ඉදිරිපත් කර සිටියේය. එය අගය කරමු. වචනයට පමණක් සීමා නොවන සත්‍ය වශයෙන්ම අවංකවම සත්භාවයෙන් කැපවී රටට සේවයක් කිරීමට අවශ්‍ය නම් සමස්ත කෘෂි කර්මාන්තය පිළිබඳව (එළවලු, පලතුරු, අලවර්ග සහ කළහැකි නිෂ්පාදන විදේශ වෙළෙඳපළ) පූර්ණ සැලසුමක් සකස් කළයුතුව ඇත. වර්තමානයේ පවතින ගැටළු හොඳින්, ගැඹුරින් විශ්ලේෂණ අධ්‍යයනයක් කළහොත් කළ යුතුවන්නේ කුමක්ද කියා අවබෝධ වේ.

:       0       0

NM Thursday, 17 February 2022 06:04 AM

ශ්‍රී ලාංකිකයින් හට සේවය කිරීමට අවශ්‍ය වන්නේ නම් විසඳුම උතුරටත්, දකුණටත් අදාල සමස්ත විසඳුමක් විය යුතුවේ. සැලසුමක් සකස්කර ගොවි ජනතාව වෙත ඉදිරිපත් කළහොත් බොහෝ අදහස් ඔවුන් වෙතින් ලබාගත හැකිවේ. දෙවනුව කෘෂිකර්මාන්තයෙන් කෙමෙන් ඈත්වන තරුණ පිරිසට විශ්වාසයක් ලබාදීමද විසඳුමේ කොටසක් විය යුතුවේ...

:       0       0

p.d goonawardena Thursday, 17 February 2022 09:00 AM

ඔබලා කරපු ශාපය තමා දැන් මේ අපි විඳවන්නේ...!

:       0       0

Senarath Thursday, 17 February 2022 09:19 AM

බොහෝමයක් මිනිස්සුන්ට වයස 60 පනිනකොට තමයි තේරෙන්නේ තමන් කළ වැරැදිවල ආනිශංස... මෙයාටත් දැන් සුදු කොඩිවල සුවඳ දැනිලද කොහේද? ‘‘යුතුකම් ඉටුකිරීම‘‘ ගැන කතා කරනවා. අගමැති විදිහට බලයේ හිටියා 4 වතාවක්... ඒ කාලේ ඔය යුතුකම් ගැන කතා කළාද? රටේ සම්පත් විදේශවලට විකුණද්දී අනාගත පරපුරට සම්පත් ඉතුරු කරන්න ඕනෑ කියලා හිතුවද?

:       0       0

sharm warn Thursday, 17 February 2022 09:46 AM

‘‘අහම්බෙන් කඩා වැටුණු පොට්ට චාන්ස් එකෙන් වත් යුතුකම් ඉටු කළේ නැහැ නේද?‘‘ කියලා හඳුන්පත කී ගානවද? ඔයාටත් පලදුන්නේ එදකෙරපු ඒ සාහසික අපරාධය තමයි. කොහොමද ඉතින් එක මල්ලේ ලුණු කාලේ අනික් එකාව පාවලා දෙන්නේ... නේද?

:       0       0

දිමුත් Thursday, 17 February 2022 11:21 AM

ඔව් ඉතින් ඔබතුමාලත් ඉන්න කාලේ ඔිවා කලා නං අද මෙහෙම වෙන්නෙ නැහැ තමයි.

:       4       3

Suren Thursday, 17 February 2022 12:38 PM

තමාට වුනෙත් ඒක තමයි .හොරු අල්ලනවා වෙනුවට උන්ව ආරක්ෂා කරා

:       2       4

අනුර Thursday, 17 February 2022 04:14 PM

ඉතාමත් මහලුවියේ පසුවන අදට නොගැලපෙන ආකල්පයන් ඇති අතිශයින්ම ආත්මාර්ථකාමි දේශපාලනයන් දැන්වත් කරුණු, කාරණා තේරුම් ගෙන තරුණ පරපුරට ද නිසිතැනක් ලබා දෙන්නේ නම් ඔවුන් වඩාත් සතුටට ⁣පත්වේ. තරුණ පරපුර වඩාත්ම අසතුටු වන්නේ කිසිදෙයකටවත් වැඩක් නැති දේශපාලකයින් නැවත නැවතත් ඡනතාව රවටා බලයට පැමිණ රට විනාශයන්ගේ විනාශයටම ගෙනයන නිසායි... කලාපයේ අපේ රටට වඩා ආර්ථික අතින් දුර්වල තත්වයේ සිටි රටවල් අද අපට වඩා ඉදිරියෙන් ඇති අතර ඔවුන්ට අතපෑමට අද අපට සිදුවී ඇත්තේ කව්රුන් නිසාදැයි කල්පනා කර බැලීම ඉතාමත් කාලෝචිතයි...

:       0       0

චිත්‍රා කුමාරි Friday, 18 February 2022 12:29 PM

මෙයයි, සාගලයි... අනේ මන්දා, දෙන්නට දෙන්න නැතුව බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site