සෞඛ්‍ය වෘත්තීයවේදී වර්ජනය ඇරඹේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දෙදින සංකේත වැඩ වර්ජනය අද (2) පෙරවරු 8.00 ට ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. 02 March 2022
අධිකරණයෙන් නිදහස් වූ වාසනා ගෙදර යයි අධිකරණ නියෝගයෙන් නිදහස ලැබූ වාසනා ඇත්පැටවා පෙරහරකින් නිවෙසට පැමිණියේය. ඇත් පැටවා පිළිගැනීමට මහා සංඝරත්න ඇතුළු පිරිස නිවෙස ඉදිරිපිට රැඳි සිටියහ. වාසනා හස්තියාගේ හිමිකරු වන දයානන්ද බෝම්බුවල යුවළ පෙරටු කර ගත් පෙලහරකින් හොරණ රැටියල නිවෙසට කැදවාගෙන ආහ. 02 March 2022
විදුලි අර්බුදයට කඩිනම් විසැඳුම් දෙන්න ජනාධිපති පොරොන්දු වෙයි විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 02 March 2022
වගා හානියට වන්දි ලබන සතියේ සිට මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 March 2022
වරෙන්තු 31ක සැකකරුවකු අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු 31 ක් ලැබ සිටි සැකකරුවකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2022
කාලගුණයේ වෙනසක් අද නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් පළාත් කිහිපයකට අද (2) රාත්‍රී කාලයේ සිට අනිද්දා (4 )වැනිදා දක්වා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 March 2022
ආයුර්වේදයෙන් සේවකයන්ට ලක්ෂ26ක වවුචර් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව එම සංස්ථාවේ පනස් වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සේවක සේවිකාවන්ට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා කළමනාකරණ සේවා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විරෝධතා නොසලකා රුපියල් 26 ලක්ෂයකට ආසන්න වටිනා ත්‍යාග වවුචර පත්‍ර ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 02 March 2022
අයියාගේ යතුරු පැදියෙන් මල්ලී අවසන් ගමන් යයි ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේදි අද (01) සිදු වු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පවසයි. 01 March 2022
ලංකාව දැන් කොටි ත්රස්තවාදයට වඩා භයානක අර්බුදයක ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 01 March 2022
තවත් කොරෝනා මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 March 2022
ප්‍රෙට්ල් ෂෙඩ්වලට විශේෂ ආරක්ෂාවක් රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉකුත් (28) විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 01 March 2022
මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 01 March 2022
කොහිවෙද අන්මගක් මේ මග හැර අපට? රිදිමාලියද්ද වරාපිටියේ ගම්වාසීන්ට බීමට වතුර සොයා ඈත ගම්මානවලට යෑමට සිදුව තිබේ. ජලය රැගෙන එන්න ප්‍රවාහන පහසුකම් නැති නිසා ගොන් කරත්තයක් ගෙන උපයෝගී කර ගන්නා අතර ගොන්නු නැති නිසා ඊට හොඳ ශක්තිමත් දෙදෙනකු තෝරා ගෙන ඇත. 01 March 2022
පැය හතහමාරක් හෙට ලයිට් නෑ පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 01 March 2022
මානව හිමිකම් රැකගන්න ලංකාවේ ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද (1) පැවැසීය. 01 March 2022
හොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් වියයුතුයි සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් ශාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 01 March 2022
පස්ස පැත්තේ රත්රන් හංගා පනින්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 01 March 2022
යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසයි. 01 March 2022
රුසියන් නීතිඥවරියගෙන් සොරාගත් ලැප්ටොප් පරිගණකය හෙට්ටිවීදියෙන් හමුවෙයි ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි රුසියන් නීතිඥවරියකට අයත් ලැප්ටෝප් පරිගණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සොරාගෙන එය කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ආයතනයක තබා තිබියදී සොයාදීමට කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති ප්‍රදීප් ජයසූරිය මහතා ප්රමුඛ නිලධාරී කණ්ඩායමක් ඉකුත් දා සමත් විය. 01 March 2022
සිසුන් දෙදෙනකුට කුරුණෑගලදී මාරාන්තික ප්‍රහාරයක් කුරුණෑගල නගරයේ අපොස සාමාන්‍ය පෙළ උපකාරක පංතියකට සහභාගී වූ සිසුන් දෙදෙනකුට තවත් තරුණයන් පිරිසක් පැමිණ පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. 01 March 2022
ඇල්ලේවෙල දිය ඇල්ලට දෙකක් බිලි වැල්ලවාය ඇල්ලේවෙල දිය ඇල්ලේ දිය නෑමටගිය තරුණයන් දෙදෙනකු අද දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි. 01 March 2022
‘මැතිසබා කමිටුවලට නිලධාරීන් කැඳවීම සීමා කරයි‘ කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි එහි සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය. 01 March 2022
නැගෙනහිරින් දියර කිරි වැඩියෙන් නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. 01 March 2022
ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්රගතිශීලී සේවක සංගමයේ උද්ඝෝෂණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන ආයතනයක් ලෙස සලකා විකිණීමට සූදානමක් ඇති බව කියමින් ඊට විරෝධය දක්වමින් ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්රගතිශීලී සේවක සංගමය අද( 01) සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 01 March 2022
රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින් රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. 01 March 2022
බණ්ඩි පොහොර ආනයනයට අනුමැතිය යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර මෙටි්රක් ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 01 March 2022
’’සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බලන්න වෙලා’’ සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බැලිය යුතු තරමට ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව රට අදුරෙන් අදුරට ඇද දමා ඇතැයි සමගි ජනබලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය. 01 March 2022
කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් මාසයක් දීර්ඝ කෙරේ කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මකවීම ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 01 March 2022
විදෙස් සටන්කාමීන්ට ඇරැයුම් රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 01 March 2022
යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. 01 March 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026