රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත. 03 March 2022
පොලිස් ගිනි අවිය පත්තු වී අයෙක් මරුට පොලිසිය නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සමග සිදු වූ බව කියන පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 03 March 2022
බයිඩන් මෝදි කතාබහක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හදිසි දුරකතන සාකච්ඡාවක් සිදුවිය. 03 March 2022
ලක්ෂ 60 ක මත්පෙති පේසාලෙන් හමුවෙයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක් මන්නාරම , පේසාලේ නඩුකුඩා ප්‍රදේශයේදී අද (03) අලුයම සොයාගත් බව යුද හමුදාව පවසයි. 03 March 2022
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට 2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 118 කට ළඟා වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 03 March 2022
අයි එම් එෆ් යනවාද නැද්ද පැහැදිලි කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(3) පැවසීය. 03 March 2022
රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බවත් රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවසති. 03 March 2022
ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත. 03 March 2022
රුසියාවේ බළලුන්ටත් තහංචි රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 March 2022
යුක්රේනයේ සිටින ලංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව ඉවතට තුර්කියේ අන්කාරා නුවර සහ පෝලන්තයේ වර්සෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරමින් යුක්රේනයේ සිටින ශ්‍රී ලංකිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 03 March 2022
හිරුනිකාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ලබන මැයි මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය. 03 March 2022
පැරසිටමෝල් පෙත්තටත් ගැසට්ටුවක් පැරසිටමෝල් ම්ලි ග්‍රෑම් 500 ක පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 03 March 2022
එජාපයේ කොළඹ වැඩ තව සතියකින් අරඹයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබන 12 සහ 13 දිනවල දී ඇරැඹෙයි. 03 March 2022
පයාගල වෙරළේ බෝට්ටුවක් ගිනි ගනියි බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දකුණු පයාගල සති පොල මායිම්වන මහා තුඩුව මා දැල් තොටුපොළ වෙරළ තීරයේ ගොඩ ඇද තිබූ මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන කුඩා බෝට්ටුවක් අද (3) ගිනි ගෙන විනාශ වී ඇතැයි පයාගල පොලීසිය පවසයි. 03 March 2022
තියුණු ආයුධයකින් පහරදී තිදරු මවක් මරලා ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 03 March 2022
ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම පොල් තෙල් නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි . 03 March 2022
කොළඹ නිවාස 126කට හොරෙන් විදුලිය ඇදලා ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 03 March 2022
බෙංගාල බොක්කේ පීඩනය අවපාතයක් වෙයි නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 March 2022
ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක් ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 03 March 2022
ගෝනාපීනුවල වෙඩි තැබීමේ සිද්ධියට තුනක් මාට්ටු ගෝනාපීනුවල මංසන්ධියේ යතුරු පැදියක් සහ පාපැදියක් අනතුර ලක් වීමෙන් පසු ඇති වු සිද්ධියකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා යතුරුපැදියෙන් පළා ගිය සැකකරුවන් තිදෙනකු ගාල්ල දඩල්ල හා දංගෙදර යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය. 02 March 2022
‘‘ජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑ‘‘ ආණ්ඩුවේ පක්ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවසීය. 02 March 2022
විදුලි කප්පාදුව 5 වැනිදා අවසන් විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 02 March 2022
ගුවන් හමුදාව 71 වැනි සංවත්සරය සමරයි ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සර සැමරුම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානාත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අද (02) අභිමානවත් අයුරින් පැවැත්විණි. 02 March 2022
කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙති මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වූහ. 02 March 2022
තෙල් නැව් 4 ක් අත ළඟ මෙම මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා දින නවය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත යැයි බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 March 2022
ඩීසල් නැතුව පොදු ප්‍රවාහනයට අදත් බාධා ඩීසල් නොමැතිවීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයට අද (02) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි. 02 March 2022
නුවරඑළියෙන් පිටවෙන එළවළු ලොරිවලට දිසාපතිගෙන් තෙල් බලපත්‍රයක් නුවරඑළියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ හතළිහකට පමණ නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින් ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් හෙට (3) සිට නිකුත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය. 02 March 2022
මියන්මාරයේ සිර දඬුවම් වින්ද ධීවරයෝ 7 කට නිදහස මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 02 March 2022
“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශය එළිදුටු දා... රටෙහි පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් සකසන ලද යෝජනාවලිය ඇතුළත් “මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2) සිදුකෙරිණි 02 March 2022
නුවරඑළියට විනෝද ගමන් ගිය 300ක් ඉන්ධන නැතුව හිර වෙති විනෝද සංචාරය සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් නුවරඑළියට දූ දරුවන්ද සමඟ පැමිණි තුන් සියයකට වැඩි පිරිසක් සිය වාහනවලට ඉන්ධන (ඩීසල් ) සපයා ගැනීමට නොහැකිවීම නිසා දින කිහිපයක් තිස්සේ නුවරඑළිය නගරයේ සිරවී සිටින බව වාර්තා වේ. 02 March 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026