(ඩයනා උදයංගනී)
නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
රටේ පවතින වත්මන් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, රටේ ඒකීයභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටි තමන් ඉදිරියටත් එට සහ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරන බව ද ඔහු සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කෙලවෙලා තියෙද්දි වගකීමක් අරගෙන රට ගොඩ දාන්න බලනවා වෙනුවට කර අරින්නද ඡන්දෙ අරන් පාර්ලිමේන්තු ගියේ..?
මෙතෙක් කල් කරපු ටික මදැයි. කොහොමත් ගම්වලට යන්නත් බෑ නේද ගුටි නොකා...?
රට තවත් අගාධයට හෙලනවා මිසක් මෙයාටත් කළ හැක්කක් නැහැ...
ශ්‍රී ලංකාවට ඩොලර් අඩුවුණේ ද්‍රවිඩ ජන සංහාරය සහ උතුර මිලිටරි කරණය කිරීම නිසා යැයි කොටි ඩයස්පෝරාව පවසයි. සිංහලයින් එකිනෙකා සටන් වදිනවා.
ලොක්කා වගේම තමයි. රටේ තත්ත්වය නිසා මගේ වගකීම් වලින් ඉවත් වෙනවා.. හැබැයි වරප්‍රසාද ටික අත අරින්නේ නැ. ඕක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න කියලා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුණා නම් හරිනේ...
දැන් ඔය දේශපාලුවෝ කිහිපදෙනෙක් තනතුරු බාරගන්නේ නැහැ කියලා ප්‍රසිද්ධ කරලා තියෙනවා නේද? ඔය කියනදේ නොවේ හිත ඇතුලේ තියෙන්නේ..., ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ වෙන ලොකුගේමක්...!
එහෙම කරන්න එපා. ඔබ වැනි කෙනෙක් මේ වෙලාව මගහැරීම ජාතියට කරන අසාධාරනයක්.. අඩුගණනේ කාන්තා ඇඳුම් පිළිබඳව කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් වත් ඇති කරලා ඒකවත් බාරගන්න. ඔබ ඉතිහාසගත වෙනවා නියතයි...!
පොරක් කියලා හිතන් හිටියට කරන්න පුලුවන් අටමගලයක් නැහැ කියලා තේරුම් ගත්තු එක ලොකු දෙයක්.. අර මහ එවුන් දෙන්නටත් පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ. අඩුගානේ එහෙම සේවයක්වත් කරනවද රටට?
මන්ත්‍රී කමෙනුත් අයින් වුණොත් ටිකක්හරි කරපු පවු නැති වෙයි...
ලංකාවේ යුද්ධ කරන්න පුළුවන් අයට රට පාලනය කරන්න බෑ. එහෙම හිතලා තමයි 69 ලක්ෂයක් කෙළවා ගත්තේ....!
නරියා උඩ පනින්න බැරි වුණාම මිදි , තිත්තයි.. කීවලු...!