(සුජිත් හේවාජුලිගේ )
එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්රශ්නය නොවිසඳෙන බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සූදානම ගැන කළ විමසුමකදීය.
මේ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කුට්ටමේම තමයි ඔබතුමාත් ඉන්නේ. අපට තියෙන ගැටළුව තමයි මේ කුට්ටම අනන අයගේ දිවවල් ගැන. ලැජ්ජයි. ඊයේ අපි දැක්කා කුට්ටමේ ශාන්ත බණ්ඩාර මහතා අඬනවා. මේ අයද රටේ පාලකයෝ කියන එකයි අපට කණගාටු... ඇට නැති දිව යම් සේද මේ කුට්ටමේ කාගෙත් දිවවල්ද එසේය...
කයිවාරුව විතරයි. මේ ඔක්කොම එකම ගේම ගහන්නේ...!
ගෝඨා යවනවාට කැමැති නම්, ඡන්දෙ දෙන්නේ නැතිනම් නිකන් ඉන්න. එකඑක බොරු කතාවලින් අපිට වැඩක් නැහැ. එහෙම නොකර ඔබලා සියලු දෙනාම ගෝඨා සමග එළවා දමනු ඇත.
ඒ බව වටහාගත්තු එක ලොකු දෙයක්. ඒ හින්දා අපේ ලේ තව තව පුච්චන්නේ නැතිව ඉන්න. අනාගතයට අපිව නියෝජනය කරන කට්ටිය අපි විසින්ම තෝරා බේරාගන්නම්. ආයුබෝවේවා..!
කාගෙවත් කූඩාරම්වලට රිංගන්නේ නැහැ කිව්වෙත් තමුන්නේ. යූඇන්පී යෙන් පැනපු තමුන් කියපු, කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
ජෝකර්ලා බූරුවන්ට ඇඟිල්ල දික්කරනවා, බූරුවන් ජෝකර්ලාට ඇඟිල්ල දික්කරනවා. ඒ වුණාට ඔවුන් හිතන් ඉන්නේ රජ කොළ කියලා. රනිල්, සජිත්, අනුර ගාවත් තිබුණා ආසියෝ...
බූරුවොත් එක්කනේ කවදත් ඇනුවේ..