( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම උයන් වත්ත වැවේ පිහිනමින් විනෝද වෙමින් සිටි තරුණයන් පිරිසෙන් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචිව සිටි ,හොමගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ලොකු පිටියගේ ඉසුරු මේනක (19) යන සිසුවෙක් බව පොලීසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේම පදිංචි නව දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් බණ්ඩාරගමට පැමිණ යතුරුපැදි හා ත්‍රීරෝද රථ වලින් උයන් වත්ත වැව අසලට පැමිණ විනෝද වෙමින් සිට ඇති බවට තොරතුරු හෙලිව ඇතැයි පොලීසිය කියයි.
අතුරුදන් සිසුවාගේ සිරුර සොයා පානදුර පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පාරු යොදාගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් නිලධාරීහු පැවසුහ.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ආර් එස් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්41070 ප්‍රියංකර ,පොලිස් කොස්තාපල් නාලක මහත්තුරු පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd