(සුජිත් හේවාජුලිගේ )
අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
විදේශයන්ට ගොස් සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේ දැනුම් දීමත් සමග හදිසියේම මෙරටට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මතුවී ඇති දේශපාලන අර්බුදය සමග විවිධ සාකච්ඡා නිරන්තරව සිදුවන තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් ඒවාට සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දැනුම් දීම කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින දේශපාලන අර්බුදයට අදාළව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල රැස්වීම් ගණනාවක් පසුගිය දිනවල හදිසියේම පැවැත්විණ.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය කටයුතු කරමින් සිටින අවස්ථාවක එම යෝජනා කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ඒ යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් හදිසියේ පැවැත්වීමට ඉඩ ඇති හෙයින් ඒවාට සක්‍රියව සූදානමින් සිටීම වැදගත් වන බව පක්ෂ නායකයෝ පවසති.
එසේම සිය ජංගම දුරකතන මේ කාලයේදී සක්‍රීයව තබා ගන්නා ලෙසද ඒ ඒ පක්ෂ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු දැකලා අපිට එපාවෙලා හලෝ...
එහෙම කීවට සෙනසුරාදා උදේ 10.40ට රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ පුද්ගලික ජෙට්යානාවෙන් එක්කෙනෙක් ඩුබායි වලට ගියා නේද? එතැනින් ඇමෙරිකාවට යන්නයි, ටිකට් අරගෙන තියෙන්නේ....! මේ වැඩේ එළිවුණොත් කලබලයක් වෙයි කියලා ගෝල්ෆේස් එකට හමුදා රථ විශාල ගණනක් ගෙනැවිත් තිබුණු බව වාර්තා වුණා. උදේ 11 වෙනකොට ඒවාත් අස්කරගෙන...