‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පාර්ලිමේන්තු සංකීර්ණයට බලාත්කාරයෙන් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පවරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 28 February 2022
යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. 28 February 2022
රුසියා - යුක්රේන් සාකච්ඡා ඇරැඹෙයි රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡ අද පස්වරුවේ ශ්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින් ඇති කරගත් එකඟතාවට අනුව, සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය. 28 February 2022
කොවිඩ් මරණ 30 ඉක්මවයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 32 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 February 2022
‘මහ බැංකුවේ ඩොලර් සැපයුම ක්‍රියාත්මක වෙන්නේ නෑ‘ ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය. 28 February 2022
කැලේ සඟවා තිබූ කොටි බෝම්බ බෝට්ටුවක් සොයාගනී කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බළකායට අයත් මරාගෙන මැරෙන බොට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බවට යුදහමුදාව පවසයි. 28 February 2022
හෙට විදුලිය කපන්නේ මෙහෙමයි රට පුරා හෙට (1 වැනිදා) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කරන බවත් රාත්‍රී කාලයේ අතිරික්ක ඉල්ලුමක් ඇතිවුවහොත් විනාඩි 30 ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 February 2022
බොරතෙල් මිල ගැන අනාවැකියක් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115කට පමණ ඉහල යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 February 2022
කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුව මේ වන විට ආරම්භ වී ඇත. 28 February 2022
පුෂ්පිකා පොලිසියට හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා සිටි ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මීට සුළු මොහොතකට පෙර පිළියන්දල පොලිසියට පැමිණියාය. 28 February 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා ඇතුලු පිරිස යළි රිමාන්ඩ් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 February 2022
තෙල් සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කොලොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට අද (28) උද්ඝෝෂණයක් පැවැත්විණි. 28 February 2022
කාබනික වගාවෙන් ගොවියා හාන්සියිලු මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 60,000කින් වී කිලෝ ලක්ෂ තුනක පමණ අඩුවක් පෙන්නුම් කරන බව ගොවීහු පවසති. 28 February 2022
‘රට මුදා ගන්න සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එන්න‘ මතුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 28 February 2022
රුසියාවට ගූගල් තහනමක් රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත. 28 February 2022
‘අධිභාර බද්ද‘ පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 28 February 2022
භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5ක් අත්අඩංගුවට පුරාවිද්‍යා වටිනාකම් සහිත ඉඩම් භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පරීක්ෂාකළ පුද්ගලයින් පස් දෙනකු නවීන ස්කෑනර් යන්ත්‍රයක් හා කැබ් රථයක් සමඟ අද (28) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 28 February 2022
‘කොවිඩ් දරුවන් වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර් අරගෙන නෑ‘ කොවිඩ් වැළඳී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර් එන්නත ලබාගෙන නැතැයි තොරතුරු අනාවරණයවී ඇති බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 February 2022
බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයාගේ පෙත්සම සලකා බැලීම 23 බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා පිළියන්දල පදිංචි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කළේය. 28 February 2022
අපට යුද්ධයක් ඕනෑ නෑ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, යුද විරෝධී රුසියානුවොන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කර ඇත. 28 February 2022
දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි. 28 February 2022
ජිනීවා ගිය නියෝජිතයෝ ශ්‍රී ලාංකික නියෝජිතයින් සමඟ සාකච්ඡා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සහ යුරෝපයේ ශ්‍රී ලාංකික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමග ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මුණ ගැසී අද (28) සාකච්ඡා පවත්වා ඇත. 28 February 2022
මිය ගිය ගුරුවරයාට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක් තලවකැලේ ලිදුල මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි කෝවිලක වසර 200 පමණ ඉපැරණි නුග ගසක අතු අනාරක්ෂිත ලෙස කැපිමේදි කැපු අත්තක් කඩා වැටිමෙන් මිය ගිය තලවකැලේ දමිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවය කළ වේලුසාමි මහේෂ්වරන්ට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් වතු කම්කරුවෝෙ අද (28) කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 28 February 2022
මානවහිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිය අද ඇරැඹේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (28) ආරම්භ වේ. 28 February 2022
ගිය වසරේදී ගම්පහින් කෝටි 10 ක රථවාහන දඩ ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පොලිස්ථාන 18 ක් මගින් සිදුකර ඇති පරීක්ෂාවන් මත මහමග රිය ධාවනය කිරීමේදී රියදුරන් විසින් සිදු කළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් සහ දඩපත් මගින් පසුගිය 2021 වර්ෂය තුල රුපියල් නව කෝටි හැත්තෑහය ලක්ෂ අනූහාර දහස් එකසීයක මුදලක් වැරදිකරුවන්ගෙන් අය කර ගෙන ඇත. 28 February 2022
හොද්ද මාරු වි දෙකක් රෝහලේ මහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි. 28 February 2022
වැස්ස ගැන කාලගුණය කියු දේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 February 2022
රන් පදක්කම් ලාභි අපේ ක්‍රිඩකයෝ දිවයිනට සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද අලුයම දිවයිනට පැමිණියහ. 28 February 2022
ලොව විශාලතම ගුවන් යානයත් විනාශයි ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි. 28 February 2022
යුක්රේන රුසියන් සාම කතා රුසියාවත් යුක්රේනයත් අතර සාමකතා අද (28) උදෑසන යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ වීමට නියමිතව තිබුණි. 28 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026