ලොව වටා කොරෝනා තත්ත්වය ගෝලීය වශයෙන් දැනට දැඩි සත්කාර ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගෙන් සියයට 0.1ක් බව කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ සැකසූ දත්ත සටහනකින් කියැවෙයි. 28 February 2022
පාස්කු වින්දිතයන්ට එතෙරදීත් සහන ඉල්ලති පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරදෙන්නැයි ඉල්ලමින් පාස්කු ප්‍රහාර වින්දිතයන්ගේ ගෝලීය සංසදය මගින් සංවිධානය කළ විශේෂ දේව යැදුමක් සහ සත්‍යග්‍රහයක් වතිකානයේ ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රය අසලදී පැවැත්විණි. 28 February 2022
හිටපු ජනපති මෛත්‍රි දිවුරයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 February 2022
බැසිල් අප්‍රේල් අයි.එම්.එෆ් සහ ලෝක බැංකුව හමුවෙයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 27 February 2022
බස්නාහිර විශේෂ මෙහෙයුමෙන් 1084ක් අත්අඩංගුවට බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැය 8 ක් පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි. 27 February 2022
යුක්රේන රුසියා සාම සාකච්ඡාවට තැන හරස්වෙයි යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියන් දූත පිරිසක් බෙලරුස් වෙත පැමිණ ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය. 27 February 2022
මාස දෙකට සංචාරකයන් 165000ක් ඇවිත් මෙම වසරේ ගතවූ මාස දෙක තුළ විදේශ සංචාරකයන් 165,000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 27 February 2022
දින පහකින් දුම්රිය ධාවනය නවතී ද? දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. 27 February 2022
ඩීසල් හිඟය බස් ධාවනයටත් බලපායි ඉන්ධන හිගය හේතුවෙන් හෙට(28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 27 February 2022
රුසියා යුක්රේන යුද්ධයට වඩා ලාංකා ආර්ථික යුද්ධය ලොකුයි යුක්ක්‍රේනය සහ රුසියාව අතර හටගෙන තිබෙන යුද්ධයට වඩා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික යුද්ධය බරපතල එකක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 27 February 2022
හෙට විදුලිය කපන්නේ මෙහෙමයි විදුලි නිපදවීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට (28) දිනයේ දකුණු පළාත හැර සෙසු කළාපවලට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 February 2022
‘‘විදුලි අර්බුදයට ලංවීම ඉංජිනේරුවොත් වග කිව යුතුයි‘‘ දිගු කාලයක් ඉන්ධනවලින් විදුලිය නිපදවීම නිසා භයානක විදුලි අර්බුදයක් රට තුළ මතුව ඇති බවත් එය ඉන්ජිනේරුවන්ගේ අඩුපාඩුවක් බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පැවසීය. 27 February 2022
කොළඹ ජම්පටා වීදියේ ගබඩාවක ගින්නක් පිටකොටුව ජම්පටා වීදිය ගබඩා සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනි නිවීමේ ඒකකය කියයි 27 February 2022
නූතන රාවණා අවන්හලට ගහලා තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා ’’බලාගනින් මම තමයි රාවණා’’ ,’’උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා’’ යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 27 February 2022
පෙරට්ටායි පොලිසියට ගල් ප්‍රහාරයක් ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයට කිසියම් පිරිසක් අද අලුයම එකට පමණ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි . 27 February 2022
කහ ග්‍රෑම් 100ක් 240ට සතොසෙන් කහ කුඩු සහනදායි මිලකට සතොස හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ලබන මාර්තු පළවෙනිදා සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 27 February 2022
ඊපීඩීපී මන්ත්‍රී තරුණයන්ට පහරදීලා ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී (ඊපීඩිපී) පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්රීවරයකු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වවුනියාව ,වෛරවපුලියංකුලම යං ස්ටාර් ක්‍රීඩාංගනය අසලදී තරුණයින් පිරිසකට පහරදීමත් සමඟ එම තරුණයින් හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බව ප්‍රදේශවාසීහු පවසති. 27 February 2022
බොරතෙල් මිල චුට්ටක් අඩු වෙයි ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු පහළ බැසීමක් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඩොලර් 94.70 කට පැවැති බොරතෙල් බැරලයක් දින හතරක් ඇතුළත ඩොලර් 106 කට ආසන්න වූ අතර ඊයේ මාධ්‍ය රාත්‍රී වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 102 ක් දක්වා පහත වැටී තිබුණි. 27 February 2022
විදේශකයන්ට අලුත් මාර්ගෝපදේශ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 27 February 2022
රජරට සේවයේ නැති වූ රෙකෝඩරය යළි ගෙනත් දමයි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුල සුරක්ෂිතව තබා තිබියදී සොරා ගන් ලද වෙළෙද පොළේ මිළ අධික වටිනාකමකින් යුත් මරාන්ට්ස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය (ෆෝටබල් රෙකෝඩර්) සොරා ගත් යම් පුද්ගලයකු යළිත් එය ෂූක්ෂමව රජරට සේවා පරිශ්‍රයට ගෙනවිත් දමා ගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි. 27 February 2022
මේ රටේ කන්න නැති මිනිස්සු නෑ ජනතාවට කන්න නැති තත්වයක් රටේ නැතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 27 February 2022
යුක්රේනයට රටවල් රැසකින් යුද ආධාර කියෙව් නගරය රුසියානු හමුදාවන්ගෙන් සාර්ථකව ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට රටවල් රැසක් යුද ආධාර දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. 27 February 2022
බාබකියු උඳුනෙන් සීතල තැප්ප යුවළ මිය ගිහින් කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි නඩයක අඹුසැමි යුවළක් ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ මියගොස් සිටියදි සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි. 27 February 2022
යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. 27 February 2022
දකුණේ පළාත් ආයතන දෙකක මුල් පුටු හිස් හම්බන්තොට මහ නගර සභාවේ සහ හික්කඩුව නගර සභාවේ නගරාධිපතිවරුන්ගේ පුරප්පාඩු පවතින බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 27 February 2022
දුම්රියයේ ගටී තරුණයෙක් මරුට:කළු ගඟේ මළ සිරුරක් කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගත් රාත්‍රි තැපල් දුම්රියේ කළුතර උතුර ප්‍රදේශයේ දී පුද්ගලයකු ගැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 27 February 2022
පළාත් කිපයකට තද වැසි ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 February 2022
පැලෙන් වැටි ගොවියා මරුට කැබිතිගොල්ලෑව ඉඳිගොල්ලැවේ හේනක භෝග අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා රූස්ස ගසක් මත ඉදි කර තිබූ පැලකින් ඇදවැටුණු දෙදෙරු පියකු මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 26 February 2022
ප්‍රංශය රුසියන් බඩු නැවක් අත්අඩංගුවට ගනී රුසියානු හමුදා යුක්රේනයට පහරදීම නිසා පනවන ලද යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කළ බවට සැක කෙරෙන රුසියානු භාණ්ඩ නැවක් අතලාන්තික් මුහුදේ ප්‍රංශය සහ එංගලන්තය වෙන් කෙරෙන මුහුදු සීමාවේදී ප්‍රංශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 26 February 2022
එන්නත සම්පූර්ණ නම් එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට,පිටත්වීමට පෙර පී.සී.ආර්.පරීක්ෂණ අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 26 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026