ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 February 2022
සති අන්තයේ රාත්‍රීයේ විදුලිය කපන්නේ නෑ එළඹෙන සති අන්තයේ (අද සහ හෙට) රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හෙට (25) පස්වරුවේ පැවසීය. 25 February 2022
දුම්රිය අංගනවල ඇති පරණ යකඩ අලෙවියට පියවර දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව අලෙවි කිරිමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (25) උපදෙස් දෙනු ලැබීය. 25 February 2022
රුසියාව යුක්රේනයේ හදවතට කඩා වදියි රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2022
ඒ.එස්.පි.ට විශේෂ ආරක්ෂාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සහ මිනිමරුම් විමර්ශන ඒකකය බාර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 25 February 2022
යුක්රේන - රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතක යුක්රේන - රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 25 February 2022
තෙල් නැතුව බස් 400ක් කොට උඩ ඉන්ධන හිගය හේතුවෙන් අද (25) දිනයේත් බස් රථ ධවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති. 25 February 2022
රනිල් පෙත්සමට නීතිපතිට නොතීසි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකරනු ලැබ ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද (25) නොතීසි නිකුත් කළේය. 25 February 2022
රුසියාවට එරෙහිව විරෝධයක් රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 25 February 2022
බත්තල විදුලි බලාගාරය නැවත අක්‍රීය වෙයි මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය අද (25) පස්වරු 3.00 ට පමණ අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 February 2022
විදුලි කණුවට නැග්ග පිඹුරා බේර ගනී මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට අධිබලැති විදුලි කණුවක කුහරයක් මත සිටි අඩි හයක් පමණ දිග පිඹුරකු බේරා ගත්තේය. 25 February 2022
රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තරයට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 February 2022
අපුර ත්‍රිරෝද රියැදුරෝ පාර වසා විරෝධයේ ’’උරුමය සුරකින අභිමන් පුරයක්’’ යන නමින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ලංකාවේ ලොකුම ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් සහ එයින් යැපෙන පවුල්වල අඹු දරුවන් පාරට ඇද දමා ඇතැයි පවසමින්, අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ත්‍රිරෝද රථගාලේ රියදුරෝ අද එම බස් නැවතුම්පළ ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගය වසා දමා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 25 February 2022
‘‘එදිරිවාදිකම් නවතා සාමය ආරක්ෂා කරමු‘‘ එදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්‍රියා කරන්නැයි රුසියානු - යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. 25 February 2022
විදුලි ගාස්තු වැඩි කරන්න යෝජනාවක් විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 February 2022
පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25)පැවසීය. 25 February 2022
කිරි ගොවියාට රුපියල් 100ක ඉහල මිලක් දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා කොළඹදී අද (25) පැවසීය. 25 February 2022
තුවාල වී මැරුණු කොටියෙක් නල්ලතන්නියෙන් හමුවෙලා තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ සිරුරක් අද (25) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 25 February 2022
’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය. 25 February 2022
දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 25 February 2022
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති. 25 February 2022
ජනපති ‘මිල්කෝ’ ආයතනයට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 25 February 2022
කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. 25 February 2022
යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත. 25 February 2022
ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. 25 February 2022
නේදර්ලන්ත කතගේ සිරුර වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 25 February 2022
කුඩු සැකකාරියක් බේරන්න ලක්ෂ හතරක් ගත් අයෙක් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක් බේරා දෙන බවට පවසා ඇගේ වැඩිමල් සහෝදරිය ගෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් බලෙන් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 25 February 2022
කතානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බාධා කරමින් සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒම සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 February 2022
ආන්දෝලනාත්මක අධිභාර පනතට එරෙහිව පෙත්සම් හතරක් අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සම් 4ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 February 2022
දක්ෂිණ අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවී යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ අට දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29 දොඩංගොඩ ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් පියා මියගොස් කුඩා දරු තිදෙනකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි . 25 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026