
(ඩයනා උදයංගනී)
කුමන්ත්‍රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වත්මන් රජය පසුගිය මැතිවරණවලදී පාස්කු ප්‍රහාරය යොදා ගත් ආකාරය අනුව ඒ පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි සිතුණු බවත් ඒ කුමන්ත්‍රණකරුවන් කවුරුන්දැයි හෙළිදරව් වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ මීගමුව නගරයේ අද (9) පැවති විරෝධතාවයකට එක් වෙමිනි.
''ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මිනිස්සු කොටවලා බලය අල්ල ගත්තට වැඩක් නෑ. බලය හරියට පාවිච්චි කරන්න ඒ අය දන්නේ නෑ. ඒ නිසා වෙන්නට ඇති අද මේ රට කොයි ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මුස්ලිම් මිනිස්සුන්ට විතරක් වරද පටවලා ඒක පිටිපස්සේ හිටපු අනික් බලවේග සියල්ල හංගන්න කටයුතු කරලා තියෙනවා. ඒකට වැදිච්ච සාපයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ.'' යැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයට බොහොම ඉස්සර ප්‍රා.සබා චන්දෙන් එකල විරුද්ද පක්ශෙ අති විශිෂ්ඨ අන්දමට ජයග්‍රහණය කලා. වර්තමාන කුමන්ත්‍රණ කරුවන් ගෝඨා සම්ග වයිර බදගත්තේ ඔහු සින්හල බෞද්ධ චන්ද වලින් තමා දිනූ බව ප්‍රකාශ කල දින සිටයි.
මල්වත්ත , අස්ගිරිය තාම නිහඬයි.
ලෝගුවත් පොහොට්ටුවට රැවටුනා කියල නේද මේ කියන්නේ. සිවුරයි ලෝගුවයි එකතුව රට කරදරයට ඇද දැම්මා කිව්වොත් නිවැරදිය. ආගමට දේශපාලනය ගෑවුන තැන ආගමේ විනාශය පටන්ගන්නවා.
හැමදාමත් බොරු පොරොන්දු දීල බලය ගන්න දේශපාලඣයෝ කලේම ඔවුන්ගේ මඩි තර කර ගන්න එක විතරයි හැම සම්පතක්ම තියන සශ්‍රීක භූමියක් වන ලංකා භූමියෙන් පල නොගෙන කෘෂිකාර්මික රටක් වන ලංකාවේ ගොවීන් නගා සිටුවීමට පියවර නොගෙන බහු ජාතික සමාගම් නගා සිටුවමින් ලංකාවට කල හැකි හැම කර්මාන්තයක්ම අත්තනෝමතිකව කඩාකප්ල් කරල ලංකාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරල තියන මේ ශාපයෙන් ගොඩ ගන්න සර්ව ආගමික නායකයන් ඉදිරිපත් වෙලා රාජපක්ෂ පවුලේ අය සහ වසර හැත්තෑ හතරක් පාර්ලිමේන්තුව නියෝජගය කල සියළුම දේශපාලඣයන් සහ ගම් මට්ටමේ දේශපාලනයට සම්බන්ධ වුනු සියළුම දෙනාට කරුණු පැහැදිලි කර දීල මේ රට ණයෙන් නිදහස් කර දෙන්න කියල රටේ සියළුම ජනතාවත් එකතුව ඔවුන්ට බල කර කියා සිටින එකයි දේශීය කර්මාන්තය නගා සිටවමින් පැරණි සශ්‍රීක ශ්‍රී ලංකාව ලාංකික ජනතාවට කටයුතු කරන එකයි අරගලයට ජයවේවා ශ්‍රී ලංකාව දිනේවා !!!!
පාස්කු ප්‍රහාරය කල වුන්ට මගේ ගව්රවය?
මේ ජයාරූප මීගමුවේ විරෝධයේ ඒවා නෙවෙයි කොළබ එවා
පාස්කු ප්රහාරයට කලින් නේද මේ ගොල්ලන්ට බලය හම්බ වුනේ? 2018 ප්රාදේශීය සභා චන්දයෙන්. කතෝලික ඉන්නෙ 8% .