(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හළට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කර ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් අවහිර කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා දීම දින 10 ක් පුරා ඛනිජ තෙල් සංස්ථාව මග හැර ඇති බව උද්ඝෝෂකයෝ කියති.
මේ හේතුවෙන් තම වාහන වලට ඩිසල් සොයා ගැනිමට වෙනත් ඉන්ධන හල්වෙත ගොස් දින පහ,හය නිදි මරමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
මේ පිළිබදව එහි කළමණාකාරිත්වයෙන් කළ විමසිමේදි පවසා ඇත්තේ ඩිසල් සදහා මේ වන විට මුදල් ගෙවා ඇතත් ඩිසල් ලබා නොදුන් බවයි.
ඩිසල් ලබා දීම සිදුකරන ලෙස ඉල්ලා ඩිසල් රැගෙන යාමට වාහන වලින් හා කෑන් රැගෙන පැමිණි පිරිස් මාර්ගය වාහන හා කෑන් දමා හරස් කර තිබෙන ආකාරය දැක ගත හැකිය.
පොලිසිය මෙම පිරිස සමග සාකච්ජා කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීමෙන් විකල්ප මාර්ග වලින් වාහන ගමන් කරවිමට පොලීසියට සිදුව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි
Lalith M Sunday, 10 April 2022 09:28 AM
මේ දවස්‌වල ආණ්ඩුව නෑ වගේනේ.කාටද කියන්නේ.