
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ වෙරළබඩ පොලිස් වසමේ දී ස්වයංක්‍රීය 9 එම්.එම් වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 4 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශියන්ත මහතාට ලද තොරතුරක් අනුව වෙලාවට රාමනාදන් මහල් නිවාස සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරීක්ෂාවේ දී සැකකරු සන්තකේ තිබී මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
ඉන්දියාවේ සිට අල සහ ලූනු ගෙන්වන තොග ව්‍යාපාරික යෙකු ලෙස පෙනී සිටි මෙම පුද්ගලයා මීට පෙර කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ක් සමඟ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු බවද පොලිසිය කියයි.
සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය මෙන්ම ඔහු එය කුමන අරමුණක් සඳහා ළඟ තබා ගත්තේ දැයි අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව වැටලීමට සහභාගි වුණු පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වයස අවුරුදු පනස් තුනක් වන සැකකරු කොළඹ 13 ජම්පටා වීදිය පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd