(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ,මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.
නව අගමැතිවරයකු යටතේ , සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් එකඟතාවක් පළ නො වන්නේ නම්, විශ්වාසභංග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සදහන් කළේය.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම පෙරේදා (08) ආරම්භ කළ අතර,මන්ත්‍රීවරුන් හතලිහකට ආසන්න සංඛ්‍යාවක්.එදින ඊට අත්සන් කර තිබිණි.
ව්ශ්වාස භංග යෝජනාවට අමතරව සමගි ජන බලවේගය තවත් ලියවිල්කට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටින අතර,එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය කපා හැරීමක් හෝ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවක් හෝ විය හැකි බව සමගි ජන බලවේගයේ ප්‍රකාශයේ සඳහන් කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත දෝෂාභියෝගය කතානායකවරයා විසින් බාර නොගත හොත්, කතානායකවරයා ඉවත් කිරීමට ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමින් පෙරළිකාරයන් උනාට මේ අය තවමත් කැමති නැහැ පොහොට්ටු ආණ්ඩුවක් හැරෙන්නට වෙනත් දෙයකට.තාමත් ට්‍රයි එකක් දීල බලනවා අරමුණට යන්නට.
තමාගේ පැවැත්මට බොරුවට රඟපල්ලා
මේරට හදන්න බැරුව තියෙන්නෙ මෙහෙම කොන්දක් නැති කිසිම ප්‍රතිපත්තියක් නැති තමන්ගෙ බඩ ගෝත්තරේ පමණක් ගැන සිතා වැඩකරන පඹයින් නිසා කියන්න පුළුවන් .උන් කරන එකෙකුට කරන්න දෙන්නෙත් නැහැ උන්ට කරන්නත් බැහැ රට එන්න එන්නම වල පල්ලට යනවා
ඔයාලා වැට උඩ කවදා වෙනකල් ඉන්න හිතාගෙනද ඉන්නේ? ළඟදීම මැතිවරණයක් එනවා. එතකොට ඔයාලා කොට උඩ තමයි නවතින්නේ.... වැටෙන් හරි පැත්තට නොබැස්සොත්... නිවැරැදි පැත්ත දැන්ම තෝරගන්න.