(රොමේෂ් මධුෂංඛ)

යාපනය මණියන්තෝට්ටම් උදයපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇගේ යතුරුපැදියත් සමගම ගෙවත්තක වළදමා තිබියදී ගොඩගත් බවට යාපනය පොලීසිය පැවසීය.

පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට මෙම කාන්තාව අතුරුදහන්ව ඇති බවට කාන්තාවගේ ඥාතීන්  යාපනය පොලීසිය  පුලුල් පරික්ෂණයක් ආරම්භ කළ අතරතුරදී පොලීසියට සැකකටයුතු ගෙවත්තක් පිළිබඳව තොතරතුරු ලැබී ඇත.

අනතුරුව යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී අදාල සැකකටයුතු ගෙවත්තේ කැනීම්  සිදුකරනු ලැබීය.

එහිදී අඩි 06 කට වඩා ගැඹුරින් කාන්තාවගේ මළ සිරුරත් තවත් යාබද ස්තානයකදී යතුරුපැදියක්ද වලදමා තිබියදී සොයාගැනීමෙන් පසුව ගෙවත්තේ හිමකරු ඇතුලු තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.