
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහාද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් දැනට අත්සන් තබා ඇති අතර එහි පළමු අත්සන තබා ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමට පසුගියදා තීරණය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් සමහරකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
අත්සන් සියල්ල සම්පූර්ණ කළ යුතු හෙයින් මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා කතානායකවරයාට බාරදීම තවත් කෙටි කාලයක් ගතවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 225ට ඕනෑ රට හදන්න නෙවෙයි. තමතමුන් බලය රැකගන්නේ කොහොමද කියලා බලන්න... කාලකණ්ණි..!
අත්සන් නොකරන අය ගැන මහජනයා අවධියෙන්...!
අපි හැමදාමත් පස්සට ගියේ අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී තම තනතුර අහිමිවේය යන බිය නිසා සිතට එකඟව කටයුතු නොකිරීමයි. දෝෂාභියෝගයටත් තියෙන්නේ එවැනි කලදසාවකි.
මුලු රටේම විතරක් නෙවෙයි, මුලු ලෝකෙම ඉන්න අපේ ජනතාව කියනවා නම් දූෂිත නායකයින් පන්නන්න කියලා... ඔතන ඉන්න දේශපාලුවන්ට විරුද්ධ වෙන්න බැරි ඇයි...?
බොරු රංගනයන්ගේ යෙදෙන්නන් සොයා ගැනීමට මෙය ඉතා වැදගත්. ජනතාව අවදියෙන්.....
දෝෂාභියෝග වලට කවුද බය ?..... සජිත් ගේ පියා රණසිංහ පේමදාස මහත්තය ඒකෙං ගොඩ යන විදිය කියා දුන්නනෙ....... පාර්ලිමේන්තුව කල් දැම්මා........ මලයාලී ගුරාලා ගෙන්නුවා..... ගෑවා ඌරු තෙල් සබා ගැබේ ආසන වල. ..... දෝෂාභියෝගේ කම්මුතුයි.
දෝෂාභියෝග වලට අපි බය නෑ.. පියානෝ තියරිය ඇප්ලයි කරමු................ ....... පාර්ලිමේන්තු සැසිය කල් දාලා........... ඉංදියාවෙන් මලයාලි කට්ටඩි ගෙන්නලා..... මතුරලා, ජප කරලා......... මංතිරි ආසන වල ඌරු තෙල් ගාලා... දෙන්නං බැටේ රිවස් එකට..... පුතාණෝ ගෙදර.
ඇඩ්ඩියා මැරිලා