(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරි තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මහජන ගැලරි මේ දිනවල විවෘත කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ විශේෂඥයන් පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් කරුණු පෙන්වාදී ඇත.
කොවිඩ් පැතිරීම උත්සන්නවීමත් සමග පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරි වසා දැමීමට පියවර ගැනිණ.
මෙම ගැලරි නැවතත් විවෘත කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය පසුගිය දිනවල යොමුවිය .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවසරය පසුගිය අප්‍රේල් පළවෙනිදා සිට ලැබුණු අතර එම කටයුතුද පවතින තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සහ පරික්ෂා කටයුතු තවදුරටත් වැඩි කර ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනට ගියත්, ගමේ නාන ළිඳ ළඟට ගියත් එකයි. ඔක්කොම කියන්නේ පල් හෑලි...
ඕක අර ගැලරියේ ඉඳන් හුරේදාල බලන්න පුලුවන් දෙමල ෆිල්ම් එකක් තරම්වත් වටින කියන එකක්නම් විවෘතව තබන්න. දැනට නම් පරණ කෝලම් මඩුවක්නේ. කල් ඉකුත්ව ඇත.