(රංජිත් රාජපක්ෂ)

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්න, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට  ඊයේ (9) රාත්‍රී සිට වැස්ස පටන්ගෙන තිබේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 44 දක්වා පහල බැස ඇති බවත් කාසල් රී ජලාශ වේල්ලේ උස අඩි 155 සිට අඩි 39 ක් දක්වා පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියහ.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ද  ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.