(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය එක රැයකින්  උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

'ශ්‍රී ලංකාවේ ආර්ථිකය  පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.මුලින්ම කරන්න ඕන මොනම හරි ක්‍රමයක් දාලා  පල්ලෙහාට යන එක නතර කරගන්න එකයි.ඊට පස්සේ පුළුවන් ඒක උඩට ගන්න " යැයි  මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ සියලු දේ කිරීමට  රටේ දේශපාලන සහ සමාජ ස්ථාවරතාවය  පැවතිය යුතු බව  පැවසූ වීරසිංහ මහතා  අස්ථාවර රටකට  ණය හෝ වෙනත් ආධාර ලබාදීමට  කිසිදු රටක් ඉදිරිපත් නොවන බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට  දැනටමත්  පියවර රැසක් ගෙන ඇතැයිද  ඔහු පැවසුවේය.

මේ කටයුතු කිරීමට තමාට  කැබිනට් බලතල අවශ්‍ය නැතැයි පැවසූ  හෙතෙම මහ බැංකු අධිපතිවරයා ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගෙන  කටයුතු කිරීමට අවශ්‍ය  බලතල පවතින බවද ප්‍රකාශ කළේය.