(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ කාන්තාවක් අද (10)  අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ බව කියන ඇය සමඟ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙක් මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තියුණු ආයුධ පහරින් පරණයට පත්ව ඇත්තේ කේ.ජි මධුෂිකා කුමාරි රත්නායක නමැති 21 හැවිරිදි කාන්තාවකි.

ඇය වෘත්තියෙන් ඇගළුම්කම්හල් සේවිකාවකි.

මෙම කාන්තාව සහ ඝාතනය සිදු කළ බව කියන සැකකරු නීත්‍යානුකූලව විවාහ වී නොමැති අතර අඹුසැමියන් ලෙස වසර 3 පමණ ජීවත්වී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සැකකරු කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස් මාස 8 ක් පමණ නිවසට නොපැමිණීම හේතුවෙන් මෙම කාන්තාව ඔහුට නැවත නිවසට නොඒන ලෙස පවසා ඇති බවත් එම ආරවුල දුරදිග ගොස් නිවසේ කිසිවකුත් නැති මොහොතේ සැකකරු නිවසට ගොස් කාන්තාව ඝාතනය කර ඇතැයි කියයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා යාමට උත්සහ ගැනීමේදී මීගස්වැව පොලිස් නිළධාරීන් ඇටඹඔය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි  අයෙක් බව පොලිසිය කියයි.සැකකරු හිගුරක්ගොඩ මහේත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.