එන්නත සම්පූර්ණ නම් එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට,පිටත්වීමට පෙර පී.සී.ආර්.පරීක්ෂණ අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 26 February 2022
කොරෝනා මරණ අලුතින් 24ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 February 2022
ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි කරන්න එපා තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී අද පැවසීය . 26 February 2022
බගවන්තලාවට අයිස් කැට වැටෙයි බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත. 26 February 2022
වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 26 February 2022
ආණ්ඩුවේ හවුල් පක්ෂවලින් ඩොලර් හිඟයට විසඳුම් ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වේ . 26 February 2022
අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු වැන් රථයක් අඩි 300 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය. 26 February 2022
සුදු අලි ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා ශ්‍රී ලංකා පදනම ආයතනය චිත්රාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අතරමඟ නවතා දැමීමෙන් එම ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු ලෙස ගෙවූ රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
කාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙති වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි. 26 February 2022
චන්න ජයනාත් ජීවන ගීය නිමකරයි ජනප්‍රිය ගී පද රචකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වූ චන්න ජයනාත් මහතා අභාවප්‍රාප්ත විය. 26 February 2022
දරුවන්ගේ විලාප මැද රට රකින්න යන තාත්තලා.. යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග යුද්ධයට යෑමට පෙර ඉතා හැඟුම්බරව පියවරුන් තම දරුවන්ට සමු දෙන දර්ශන අන්තර් ජාලයේ හුවමාරු වෙයි. එය දකින කා හටත් ඉතා හැඟීම්බර අවස්ථාවකි. 26 February 2022
ඖෂධ සංස්ථාවේ කෝටි 6 ක් වතුරේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශය වෙත නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත් වීමෙන් එම සංස්ථාවට කෝටි හයකට ආසන්න ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
නෙළුම් පොකුණේ බඩු ගබඩාවට කෝටියකට වැඩි මුදලක් යට කරලා නෙළුම් පොකුණ රඟහලේ පාවිච්චිය සඳහා අවශ්‍ය භාණ්ඩ තැන්පත් කර ඇති නාගරික සංවර්ධන අධිකාරියේ පෑලියගොඩ ගබඩා සංකීර්ණයට ජාතික උරුම, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කිසිදු ගිවිසුමකින් තොරව රුපියල් එක් කෝටි දාහත් ලක්ෂ හතළිස් තුන් දහස් දෙසිය අසූ හතක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 26 February 2022
විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය මස අවසනය වන විට විදුලි ඒකකයකින් රුපියල් 12 ක පාඩුවක් ලබන බවත් ඒ අනුව මාසික පාඩුව රුපියල් බිලියන ගණනක් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 26 February 2022
දේශපාලන හිතවතුන් රජයේ ආයතනවල හොරෙන් වැඩ රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ. 26 February 2022
රටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි? මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක(600) බදු වැඩි කරන ලෙසශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 26 February 2022
යු.එන්. ආරක්ෂක කවුන්සිල යෝජනාවට රටවල් තුනක් ඡන්දය නොදෙයි රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන ලෙසත් සියලු හමුදා ඉවත් කර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එදිරිපත් කළ යෝජනාවට සාමාජික රටවල් 15 පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් එමීර් රාජ්‍යය ඡන්දය දීමෙන් වැලකී සිටියහ. 26 February 2022
ඇමති කෙහෙලිය විදුලිබිල ගැන කතා කරයි ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්වය උද්ගතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 26 February 2022
එක්සත් ජනපද යෝජනාවට යුක්රේන ජනපති පිටුපායි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. 26 February 2022
සතුරු ඩ්‍රෝනා මඩින්න මැතිසබයට ’’ඩ්‍රෝන නාශකයෝ’’ තුනක් පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති(Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 26 February 2022
ප්‍රදේශ රැසකට වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 February 2022
අයි.ඕ.සීය යළිත් තෙල් මිල වැඩි කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ. 26 February 2022
රැජිනගේ තත්ත්වය හොඳ අතට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන දෙවැනි එලිසබත් මහ රැජිනගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. 26 February 2022
පාප්තුමන්ගේ විරෝධය පුටින්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. 26 February 2022
රුසියන් පෞද්ගලික යානාවලට තහංචි රුසියානු පෞද්ගලික ජෙට් යානාවලට, මහා බ්‍රිතාන්‍යයට අයත් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩ නොදෙන බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ යැයි එරට ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් පවසයි. 26 February 2022
ඩොලර් නැතුව ඉන්ධන නෞකා හිරවෙයිද ? ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් අද (25) පස්වරුවේ පැවසීය. 25 February 2022
පුකුඩු කන්නාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග මාට්ටු විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමඟ කෙරවලපිටිය දී අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි 25 February 2022
අමිල වේරගොඩට ඇප ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා රුපියල් 20,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (25) නියෝග කළේය. 25 February 2022
කොවිඩ් ආසාදිතයන් තව 1,286ක් කොවිඩ් ආසාදිතයින් තව 1,286 ක් අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 February 2022
කොවිඩ් මරණ 26ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026