(අජන්ත කුමාර අගලකඩ)
රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ ඉඳගත් මන්ත්‍රීවරුන් 42 දෙනා වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත පෙරේදා (08)පස්වරුවේ යවා ඇත.
අර්බුදයට විසඳුම් සෙවීමට සියලු පක්ෂ වලින් සැදුම්ලත් ජාතික විධායක සභාවක් පත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ එකඟතාව මත නව අගමැතිවරයකු හා සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත් ,එමගින් යෝජනා කර ඇත.
එම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව කටයුතු කර ,සීමිත කාලයක් තුළ මැතිවරණයකට යායුතු බව ද යෝජනාවලිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කර, අමාත්‍යංශ ගණන තීරණය කරන ලෙසත්,ඊට ගැළපෙන ලෙස සියලු පක්ෂ වලින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ලෙසත් එම ලිපිය මගින් යෝජනා කර ඇත.
මීට අමතරව,අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන හා මැද කාලීන වැඩ පිළිවෙළක් ද එම ලිපිය මගින් යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දයා කියන්නේ බලලෝබියෙක්.කියටවත් යන්නේ නැහැ අවුරුදු 2 ක් තියෙද්දී 8 ක් ඉන්ඩ ගේම දුන්නා.හොර පාරෙන් දින 52 අගමැති උනා.තමුන්ගේ වාසියට පැවැත්මට ගේම් ගහපු දූෂිත නායකයෙක් 1948 න් පස්සෙ ඔය හිටියාමයි.
ඔව් එහෙම කරන්න...! එවිට අරාබි බසින්ම මේ පත්තරය ලියන්න පටන් ගනී.. හා.. ද.. ?
දැන් පරක්කු උනා වැඩී.
අගමති සහ ජනදිපති ඇතුලු සියලු දෙනාම ඉවත් විය යුතුය. එවිට මහජන මුදල් කොල්ලකන් එක නැවත් විය හැක.
වැඩක් නැහැ ජනාධිපතිවරයාම ඉවත්නොවී කිසිවක් කරන්න බැහැ එහෙම නැත්නම් විස්ස අහෝසි කර නැවත දහනවය බලාත්මක කලයුතුය එහෙම නැත්නම් ඒක අතීසාරයට අමුඩ ගැසිවා වගේ වෙනවා
ප්‍රමාද වැඩි නේද. ඕක යෝජනා කරන්න තිබුන මාස කීපයකට කලින්. දැන් විපක්ෂය සමග එක්ව කටයුතුවල යෙදෙන්න. නැතිව දේශපාලන අනාගතයක් නැත.
අසාද් සාලී පත් කරමු. සිංහලයා හතරට පහට කැඩෙන කොට ඉබේම එක සිද්දවෙනවා. එතකොට අපි ඔක්කොම මොහොමඩ්ලා කාටද ආඩම්බර?
හමබයෙක් අගමැති කලත් ජෙප්පෙක් අගමැති කරන්න එපා.
විධායක ජනපති එසේම සිටියදී, ඔය කියන අලුත් අගමැති සහ ඇමති මණ්ඩලයට ස්වාධීනව තීරණය කොට ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව කුමක්ද ?
හොරාකාපු සල්ලි දීපන්. නැත්නම් උබේ හත්මුතු පරම්පරාවට හෙන ගහනව.