(සුජිත් හේවාජුලිගේ )
නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබන 18 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ඊට ප්‍රථම රටේ දේශපාලන ස්ථාවරත්වය පෙන්නුම් කිරීම වැදගත්වන හෙයින් නව කැබිනට් මණ්ඩලය මෙසේ පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නව රජයේ ඇමති තනතුරු බාර ගැනීමට බොහෝ පාර්ශවයන්ට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවී සිටින තත්ත්වය යටතේ හිටපු ඇමතිවරුන්ගෙන් සමන්විතව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බවත් ඉහළ කාර්ය සාධනයක් පෙන්වා ඇති රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුටද මෙහිදී ඇමැති තනතුරු හිමිවීමට නියමිත බවත් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකෙරෙන බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වෙයල්ලා... පැච් වැඩ දමලා හරියන්නේ නැහැනේ... හිටපු හොරු රැළ ආයෙත් ගෙනාවොත්, තවත් වලපල්ලටම යනවා සත්තයි... ආත්මයක් නැහැ මේ අයට..
ජනතාවගේ හැසිරීම බලා එකඑකා එළියට ඇවිත් සුපුරුදු විනිවිද භාවය නොමැතිව කරන ගේම් පටන් ගන්න ඉඩ තියෙනවා...