(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන  විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය සහය  නොදීමට තීරණය කර ඇත.

එම යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට  බලාපොරොත්තු වන බව  පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මරදපාන්ඩි  රාමේෂ්වරන් මහතා පැවසීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ  මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති.එම කොංග්‍රසය නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරයා වන්නේ ජීවන් තොණ්ඩමන් මහතාය.

ඒ දෙදෙනාම  පාර්ලිමේන්තුවේ දැනට කටයුතු කරන්න ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසය.

මේ අතර  විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම  සඳහා සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතය.