
(රංජිත් රාජපක්ෂ )
වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.
ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක ලිට්‍රෝ ගැස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේද සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කර ඇත.
මෙම වැටලිමේදි කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් 177 ක් , කිලෝ 5 ගැස් සිලින්ඩර් 28 ,කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් සෙයාගත් බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගැස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයාට නිකුත් කරන ලද ගැස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර එම ගැස් තොග නියෝජිතයාගේ නිවසේ සගවා වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසිය.
අත්අඩංගුවට ගැස් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd