(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා ගන්නාවූ පියවර ගැන ජනතාව බලා සිටින බවද ඔහු කීවේය.
ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු දැනටමත් එසේ කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
රට ගොඩනැඟීම සඳහා සියලුම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වලපල්ලට ඇද දැම්මෝ කවරහුද?
අපි මෙච්චර කල් බලාගෙන හිටියේ එයාගේ වැඩපිළිවෙළ තමයි...
බේබි ඇහැරිලා... නාඬා ඉඳිං මගෙ අප්පා...!
උද්ඝෝෂණයට පහරදී කඩාකප්පල් කිරීමට උත්සාහ කරන එකද?
මැදමුලනේ හොරුන් චුතවෙලාම යන්න ඕනෑ.
බොරු බයිලා අපිට වැඩක් නැහැ. ඔය රාජපක්ෂ සෙට්එකම යනකං තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ... ඔයා බාප්පත් අරගෙන යන්න. හැබැයි හොරකම් කරපු සල්ලි ටික දීලා යන්න...
ජනතාව බලාගෙන ඉන්නේ වැඩබැරි ජනාධිපති ඉල්ලා අස්වෙනකම්. අස්වුනේ නැතිනම් මිනිහාව අල්ලලා අස්කරන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් විසුරුවලා " අලුත්ම "උගත් බුද්ධිමත් අවංකඅයගෙන් සැදුම්ලත් නව රජයක් පිහිටුවනවා. හැබැයි " රාජපක්ෂ නම තියෙන කවුරුවත් ආයේ දේශපාලනයට ගාවගන්නේ නැතිවයි ඒ ක්‍රමවේදය සිදුකරන්නේ.. බලයෙන් පහකළා කියලා කිසිකෙනෙකුට රටෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්. උසාවිවලට වැඩ වැඩිවේවි. හිරගෙවල් ලැහැස්ති කරන්න වේවි. ඒ වගේම "එල්ලුම් ගහත් " සුදානම් කරන්න වේවි. ජනතාවගේ එකම අපේක්ෂාව එයයි...!!!
ඔහෙලා ඔක්කොම මේ අවුරුදු දෙක තුළ ගත්තු පියවරවල් දිහා බලලා ජනතාව ඔහෙලාට ඔක්කොමලා පිළිබඳව ගතයුතු පියවරවල් මොනවද කියලා දැනටමත් තීරණය කරලා ඉවරයි. ඔහෙලා බලන් ඉන්න.
නැති සැලසුමක් කෙසේ ඉදිරිපත් කරන්නද? නූල කැඩුණු සරුංගලේ වගේ හුළං හමන අතට වැනෙනවා. රටම කාබාසිනියා කළා පවුලම...
මොකෝ ආපහු හොරකම පටන්ගන්නද අර අඳින්නේ? දැන්මම කේන්දරේ හොඳින් බලාගත්තොත් හොඳයි. බොරුවෙන් රට රැවටූ කාලය ඉවරයි.
ළමයෝ දැන් බාප්පාට ඉන්නේ ඔයගොල්ලන් විතරයි, එයාට දැන් ජනතාවක් නෑ.
කාලා විනාශ කරලා, රටත් කාලා දැන් උපදෙස් දෙනවා... කොහෙන්ද මේවාට හිනාවෙන්නේ?
අවංක නම් අධිකරණයේ නිදහස පිහිටුවා ගෞරවනීය ලෙස යාමට ජනපතිට හැකියි.
අනේ යන්න බොරු කියන්නේ නැතිව... !
තමන් ඇතුළු මුළු රාජපක්ෂ පවුලම පාර්ලිමේන්තුවෙන් පිටවී යාම තමයි මහජනයා බලාපොරොත්තු වෙන්නේ. නිකන් මෙතැන ඇවිල්ලා අපිට බටර් ගාන්න හදන්න එපා. අපි දන්නවා ඔයාලගේ කට්ටකම්... කරුණාකර යන්න යනතැනකට... අපේ රටින් හොරකම් කළ මුදල් සහ වත්කම් ආපසු දීලා..
පොදු ජනතාව කියන්නේ ජනාධිපතිට ගෙදර යන්න කියලා. ඒ පියවර ගන්නකන් තමයි කව්රුත් බලන් ඉන්නේ...!
ඡන්දය දෙපාරක් දුන්නා. දැන් රට ණය වෙලා...
අපේ ජනාධිපති වෙන්න කලින් ඔබේ බාප්පා නේ...!
මේ අය මෙච්චර කල් මරනිද්දක ඉඳලා, දැන්තමයි ඇහැරිලා තියෙන්නේ කෝච්චය ගිහිල්ලා ඉවරයි හලෝ...!!!
අපි ගෝඨා සමඟයි... ඔබේ අදහස හොඳයි.. මන්ත්‍රීතුමනි, ළඟම පාසල හොඳම පාසල කිරීම රාජ්‍ය සේවය විමධ්‍යගත කිරීම, තෙල් ප්‍රශ්නයට චූටි විසඳුමක් නොවේද?
ඔබේ අදහස හරි ප්‍රජාතන්ත්‍රවාදීව රට ගොඩනගමු... මුලු ලෝකෙම උදව් කරයි... නොමැති නම් ලෝකෙම උදව් නොකරයි.
ජනාධිපති උපදේශක නාමල් රාජපක්ෂ..! ජය වේවා...!
ගොඩක් හොඳයි...