“අපි ගුරුවරුන්ට උපරිමයෙන් කළා’’ ගුරු - විදුහල්පති වැටුප් ප්‍රශ්නයට රජය මේ අවස්ථාවේදී දියහැකි උපරිම විසඳුම දී ඇති බවත් රට ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති මේ අවස්ථාවේදී මීට වඩා දෙයක් කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 18 October 2021
‘‘පැයකට ළමා අපචාරයක් වෙනවා නම් අපි සීලාචාරද‘‘? එක් දිනකදී මේ රටේ ළමා අපචාර 25ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පැයකදී ළමා අපචාර එකකට වඩා සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 18 October 2021
බන්ධනාගාර රැඳවියන්ට දෑත් සෝදන්න සබන් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි සබන් භාවිත කිරීමට පියවර ගත් බව බන්ධනාගාරය කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය . 18 October 2021
ඖෂධ අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 25 වැනිදා තෙක් තවදුරටත්රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග අද (18) කළේය . 18 October 2021
වැඩ වර්ජිත ගුරු - විදුහල්පතිවරු 25 සේවයට ලබන 25 වැනි දා සේවයට වාර්තා කිරීමට ගුරු විදුහල්පති සමිති එකමුතුව අද තීරණය කර ඇතැයි වෘත්තීය සංගම් පවසයි. 18 October 2021
ලොරි -ලොරි හැපී පහක් රෝහලේ මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේ දී 17 දින සවස එළවළු ප්‍රවාහනය කරමින් තිබු ශීතාගාර සහිත ලොරියක් හා කුකුළු පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමේන් පස් දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය කියයි. 18 October 2021
ගොවීන්ගේ හඬට කන් දීමට සූදානම් ගොවීන්ගේ හඬට සවන් දීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 18 October 2021
මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල දිවිසැරිය නිමා කරයි ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අද (18) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 18 October 2021
“ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ’’ ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමාට දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවැසීය. 18 October 2021
අද දවසේ කාලගුණය කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 October 2021
පුරාවිද්‍යා භූමියේ සී සාලා ක්‍රිස්තු පූර්ව 238දී ඉදි කළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන් ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ එම විහාරස්ථානය වැටලූහ . 18 October 2021
‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ හයක් කටුනායකට ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් මිලට ගත් ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 608,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය. 18 October 2021
හෙලිවුඩ් අධ්යක්ෂණයට ගිය අපේ කොල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවකු වූ ලක්පති විජේසේකර අධ්‍යක්ෂණය ලද හොලිවුඩ් චිත්‍රපටයක් වූ ’’ ෆ්‍රී බයි නූන්’’ (free by noon ) නැමැති චිත්‍රපටය මේ දිනවල ඇමෙරිකාවේ තිරගත කෙරේ. 17 October 2021
අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලයි ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 17 October 2021
වී කිලෝවකට රුපියල් 70වක මිලක් එළඹෙන කන්නයේ වී කිලෝවකට රුපියල් 70 ක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 17 October 2021
කොරෝනා ආසාදිතයන් 453ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 453 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 17 October 2021
කුසිනාරාවට ජාත්‍යාන්තර ගුවන්තොටක් ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙම මස 20 වැනි දින අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර ඊට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය 17 October 2021
කෘෂි ඇමැතිට විශ්වාස භංගයක් පොහොර කලට වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 17 October 2021
රට රටවල කොරෝනා ගැන වාර්තා ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 17 October 2021
වස බී මියගිය ඉරාන රැඳවියන්ගේ සිරුරු ඥාතීන් එන තෙක් සුරක්ෂිතව තබයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී විෂ වර්ගයක් පානය කිරීමෙන් මියගිය ඉරාන් ජාතික රැදවියන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන තෙක් සුරක්ෂිතව රඳවා තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (17) නියෝග කළාය. 17 October 2021
පොලිසියේ දෙන්නාට ගැසු අපරාධකරු රිමාන්ඩ් රාත්‍රී පාමුර සංචාරයේ යෙදී සිටි මෝදර පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට පිහියෙන් ඇන බරපතළ තුවාල කළැයි අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය. 17 October 2021
කොරෝන මරණ 12 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 October 2021
නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි බස්නාහිර පළාතේ සිට කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. 17 October 2021
පාසල් සිසුන්ට කිරි වෙනුවට කැඳ පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීම වෙනුවට දේශීය සහල් වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 17 October 2021
21 ඇරැඹෙන පාසල්වට අලුත් පිරිසක් ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ. 17 October 2021
ගව ඝාතනය කඩිනමින් නතර කරන්න යයි ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. 17 October 2021
නියාමක තාත්තාට - පුතාට දැලි පිහි ප්‍රහාරයක් බන්ධනාගාර නියාමකවරයකු සහ ඔහුගේ පුතා දැලි පිහියකින් කපා තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද(17 ) අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි. 17 October 2021
පාසල් අරින්න පොලිසියේ සහායත් ගන්න යයි පාසල් ආරම්භ කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දායකත්වය ලබාදිය යුතු අතර විදුහල්පතිවරුන් හමුවී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි පොලිස් මූලස්ථානය පොලිස් ස්ථානාධිපතිවරුන්වෙත දැනුම් දී තිබේ. 17 October 2021
උපකාරක පන්ති නොවැම්බර් 1 වැනිදා ඇරඹෙයි ? පෞද්ගලික උපකාරක පන්ති ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකයන්ගේ සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. 17 October 2021
මාතර මුහුදු වෙරළට මැරුණු මාළු ගොඩගහලා මාතර පොල්හේන මුහුදු වෙරළ තීරයට මියගිය මසුන් ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ. 17 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026