IMG-LOGO

අගමැති මහින්ද යයි?

(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.

මේ අතර , ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.

 



අදහස් (4)

අගමැති මහින්ද යයි?

රටවැසියා Tuesday, 03 May 2022 12:36 AM

මේ සියවසේ ලෝකයේ යුද්ධයක් දිනපු එකම රට තමයි ශ්‍රී ලංකාව..!! එහි නියමුවා තමයි "රාජපක්‍ෂ" .....! එතුමා " සිංහ ධජය " සදා අභිමානව ලෙල දෙන්නට රටට කල නොමැකෙන සේවය ඉතිහාසයේ සදා අමරනීයයි..!

:       0       0

SF Wednesday, 04 May 2022 01:20 AM

නිකන්ම යන්න එපා... හොරා කාපුවා දීලම යන්න.

:       0       4

Priyanthi Nanayakkara Wednesday, 04 May 2022 10:32 AM

ඔහු යා යුතුය..

:       0       9

sharm warn Wednesday, 04 May 2022 11:55 AM

යා යුතුමයි... හැබැයි රූකඩයක් අටවලා නූල් ටික අතට අරගෙන නම් නෙමෙයි..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 175 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1071 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site