
(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචිමාර්ග වලින් පැවසේ.
මේ අතර , ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඒ අනුව ,ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියවසේ ලෝකයේ යුද්ධයක් දිනපු එකම රට තමයි ශ්‍රී ලංකාව..!! එහි නියමුවා තමයි "රාජපක්‍ෂ" .....! එතුමා " සිංහ ධජය " සදා අභිමානව ලෙල දෙන්නට රටට කල නොමැකෙන සේවය ඉතිහාසයේ සදා අමරනීයයි..!
නිකන්ම යන්න එපා... හොරා කාපුවා දීලම යන්න.
ඔහු යා යුතුය..
යා යුතුමයි... හැබැයි රූකඩයක් අටවලා නූල් ටික අතට අරගෙන නම් නෙමෙයි..