අධ්‍යාපනයේ මළගමට අත තබන්න එපා! එක් පසෙකින් රටේ අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් කෘෂි ආර්ථිකය විනාශ කොට රට සාගතයකට තල්ලුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 18 October 2021
කඩවුණු පොරොන්දුවක් ගැන ආනයනකරුවෝ මතක් කරති මාසයකට සීනි හා පරිප්පු මෙට්ට්‍රික් ටෝන් 2500ක් බැගින් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බවට මීට මාස දෙක තුනකට කලින් වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කළද රජය මැදිහත් වීමෙන් මෙතෙක් සීනි හෝ පරිප්පු ඇටයක්වත් මෙරටට ගෙන්වා නැතැයි ආනයනකරුවෝ පවසති. 18 October 2021
ලංකා මුහුදට යන්න එපා තමිල්නාඩු පොලිසිය එරට ධීවරයන්ට කියයි ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන්නැයි ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය එරට ධීවරයින්ට දැනුම් දී ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 18 October 2021
සීනි පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත. 18 October 2021
කොවිඩ් ආසාදිතයන් 467ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 467 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 October 2021
රැකියා විරහිත උපාධිධාරිහු ලිපියක් බාර දෙති උපාධි සහ අමාත්‍යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්‍යාසලාභී පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අද (18) ලිඛිත විමසීමක් කළේය. 18 October 2021
මැදි සහ දිගු දුර ක්‍රීඩකයන්ට කෙන්යාවේ පුහුණුව මැදි සහ දිගු දුර ධාවන ඉසව් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙක්ට කෙන්යාවේ මාධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම්වල නිතර වීමට අවස්ථාව ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 18 October 2021
පැන්ඩෝරා සිද්ධිය ගැන තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගන්න යයි ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. 18 October 2021
ඉන්ධන මිල වැඩි කරන්න අදත් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අද (18) නැවත ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය. 18 October 2021
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 18 October 2021
ලංකා විදුහල්පති සංගමයත් 25 සිට සේවයට රටපුරා පාසල්වල සේවය කරන ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ද මේ මස 25 වැනි දා සිට සේවයට වාර්තා කිරීමට තීන්දුවක් ගත් බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. 18 October 2021
තාත්තාගේ අඩි පාරේ යන දහම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඒකච්ජන්දයෙන් තේරිපත්විය. 18 October 2021
ලක්ෂ 13ක කහ මන්නාරමෙන් අල්ලයි රුපියල් ලක්ෂ 13ක් වටිනා කහ තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මන්නාරමේදී අද පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබූහ. 18 October 2021
යුගදනවි පැවැරීම ගැන ආණ්ඩුවේ හවුල් පක්ෂ තීරණය ළඟදීම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල මතය රටට ළගදීම ඉදිරිපත් කිරීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත. 18 October 2021
මුං ඇට මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් වෙවර මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 18 October 2021
දිසාපතිගේ නියෝගයෙන් නුවරඑළියට වැටක් පිට පළාත්වලින් ජනතාව නුවරඑළියට පැමිණියහොත් ඔවුන් වහාම නැවත හරවා යවන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා පොලිසියට උපදෙස්දී ඇත. 18 October 2021
අබලන් පාලම බලන්න ගිය මන්ත්‍රී අනතුරකට මුහුණ දෙයි හාලිඇළ සහ ඌවපරණගම මැතිවරණ කොට්ඨාස යාකමින් ඌමා ඔය මතින් සුදු පාලකයන් ඉදිකළ හළාඹ යකඩ පාලමේ අබලන් තත්ත්වය සොයා බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එහි ලෑල්ලක් කැඩී දෙපා පහළට ගොස් පාලම මත ඇද වැටිණි. 18 October 2021
සූදු කෙළියේ යෙදුණු කතුන් 5 ක් ඇතුළු 9 ක් මාට්ටු මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ ජාවාරමක් වටලා , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු නවදෙනකු , ඔට්ටු තැබීමට සන්තකයේ තබාගෙන තිබූ රුපියල් හය ලක්ෂ අනූ පන්දහසක මුදලක් ද සමග අද (18) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි . 18 October 2021
යුගදනව් දුන්නාට කාදිනල්තුමන්, ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ සියයට 40 කොටස් ඇමරිකාවේ සමාගමකට පවරාදීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 18 October 2021
වල්ගමදී දෙදෙනකුගේ දෑත් කැපීමේ සිද්ධියේ රහස එළියට බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය තුළදී තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ මෑතකදී රුපියල් කෝටි හතළිහකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව ලබාදුන් පුද්ගලයාට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2021
නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22කට අනුමැතිය කොවිඩ් වසංගතය පැවතියදීත් මේ වසරේ මුල් මාසය නවය තුළ දී රජය රුපියල් කෝටි 1882 ක් වටිනාකමක් ඇති නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 22 ක් අනුමත කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය. 18 October 2021
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විරෝධතාවයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කිසිදු හේතුවකින් තොරව රාගම රෝහලට මාරු කිරීමට එරෙහිව අද (18) දහවල් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවයක් පැවැත්වූහ. 18 October 2021
නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ලබන වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 18 October 2021
‘‘හැකි නම් 21 පාසල් විවෘත කර පෙන්වන්න‘‘ ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුමක් නොදීම නිසා ලබන 21 වෙනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ පැවසූහ. 18 October 2021
‘ත්‍රි‘මලේ වී ගොවීන්ට ගොවි සංවිධාන වලින් බලපෑම්‘ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයට වී වගා කිරීමට ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වී ගොවිතැන් නොකරන ලෙස ඇතැම් ගොවි සංවිධානවලින් බලපෑම් එල්ලවීඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 18 October 2021
මිචෙල් බැචලේ යළි ලංකාව ගැන කතා කරයි ශ්‍රී ලංකාවේ තවදුරටත් පුද්ගලයන් අතුරුදන් කරවීම පිළිබද නොවිසිදුණු ගැටලු පවතින බව මානව හිමිකම් පිළිබද එක්ස්ත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබ ඇත. 18 October 2021
බලපත්‍ර නැතිව ගෙනා සීනි ටොන් 3500 ආපසු යවයි ආනයන බලපත්‍ර නොමැතිව මෙරටට රැගෙන ආ සීනි කන්ටේනර් 130ක් ගොඩ බෑමට රජය අවසර නොදීම නිසා එම සීනි තොගය ප්‍රති අපනයනය කර ඇත. 18 October 2021
දෙසැම්බර් තෙක් විනෝද ගමන් එපා අඩු තරමින් දෙසැම්බර් අවසන් වනතෙක්වත් විනෝද ගමන් බිමන්වලින් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 18 October 2021
පොදු ප්‍රවාහනය තව කල් දමන්න කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි 18 October 2021
මග මරුවාට ඊයේ හතක් බිලි මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු ඊයේ දින මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ තල්දූව මහතා පැවසීය. 18 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026