( ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තුවේ  පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ  කෝට්ටේ නාගරික මන්ත්‍රිනියක්  ප්‍රමුඛ   තරුණ තරුණියන්  දස දෙනකු පමණ ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වෙමින් සිටියදී පොලිසිය  මෙලෙස පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නාගරික මන්ත්‍රීවරිය ඇතුලු  පිරිසක්  පලාගොස්  ඇතැයි පොලීසිය කියයි.