(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන එළියේ සිටින අයට හරි අවබෝධයක් තිබේ යැයි තමා නොසිතන බව කී මුදල් අමාත්‍යවරයා පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ. එක කැබිනට් ඇමති කෙනෙක් නින්දෙන් අවදි වෙලා...!!
ඒක නේන්නම් ... බලන්නකෝ ඉතින් මේ අවුරුදු දෙකහමාරක් තිස්සේ විපක්ෂයෙන් ආර්ථිකය හරියට කළමනාකරණය කරලා නැහැනේ. දැන් ඉතින් ආණ්ඩුවට ඒකත් කරන්න වෙලානේ. පුදුම විපක්ෂයක් තමයි. ඒකවත් කරන්න දන්නේ නැහැ.
රට මේ තත්වයට වැටෙනකන් හොරා කකා බලන් හිටපු මොල හතේ හොරුන් සහ සහචර චෞරයින් බෙල්ලෙන් අල්ලාගෙන ගොස් ගාලු මුවදොරේ එල්ලිය යුතුයි.
එතකොට අපි තමයි වැරැද්ද කරලා තියෙන්නේ. හොරුන්ට බදු සහන දෙන වෙලාවේ ඒවට නීතිමය ආවරණය දුන්නු ඔබ සුදනා.
පහුගිය අවුරුදු දෙකහමාරක් තිස්සේ ඔය ටික තේරුම් ගන්න බැරිවුණාද? දූෂිත පවුල් පාලනේ අයව රැකගන්න තමයි වැඩ කෙරුවේ.
පොඩි අය වුණත් දන්න දේවල් කිය කියා මෝඩ දේවල් කරන්න එපා... හලෝ... අර ලොක්කගේ නඩු වලට බොරු කියපු ඒවගේ විපාක තමයි මේ ගෙවන්නේ...