කඨින පිංකමට පිරිස වැඩිවෙයි පනස් දෙනකුගේ සහභාගිත්වයෙන් කඨින පූජා පැවැත්වීම සදහා අවසර ලබාදීමේ නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) නිකුත්කරනු ලැබීය. 19 October 2021
කාන්තා මළ සිරුරක් කැලණි ගඟෙ පාවෙයි කොළඹ සේදවත්ත කළු පාලම අසල කැළණී ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (19) පෙරවරුවේදී ගොඩගෙන ඇති ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 19 October 2021
කර්මාන්තවලට දෙන සහන ගැන විමල් නොසතුටෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබා දෙන සහන ප්‍රමාණවත් නැති බවත් මෙම අසමතුලිත තත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් කඩිනම් ආර්ථික සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීම රජයට අභියෝගයක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලිපියක් යවමින් දැනුම් දෙයි. 19 October 2021
යකඩ යකා දින නියමයක් නැතුව නවතී දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම අද පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 October 2021
සයිනොපාම් ගත්තොත් දිගටම කොරෝනාවට වැට සයිනොපාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ ශරීරයන්හි කොරෝනා වයිරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත. 19 October 2021
අමරදේව අසපුවේ ඉදිකිරීම් යළි අරඹයි දැනට ඉදිකිරීම් කටයුතු අතරමග නැවතී ඇති ‘පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ’ ඉදිකිරීම් කටයුතු වහාම ඇරඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 19 October 2021
පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් කිලිනොච්චියෙන් අල්ලයි පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කරන බව ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය,අම්බාල් නගර් ප්‍රදේශයේ අබිලි යකඩ එකතු කරන ස්ථානයක් වටලා එහි එක්රැස් කර තිබු ටි 56 වර්ගයේ හිස් පතරොම්කොපු කිලෝ 1,681 සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 19 October 2021
මහනුවරට කිලෝමීටර් පහක උමං මාර්ගයක් මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර සුදුහුම්පල සිට තැන්නෙකුඹුර හන්දිය දක්වා කිලෝමීටර් 5.56 ක උමං මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ. 19 October 2021
හොරෙන් ගෙනා දුම්වැටි සමග දෙකක් අල්ලයි යුත් තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කරන ලද විදෙස් දුමිවැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කුට්ටිගල සහ මුල්ලෙයාවේලී ප්‍රදේශවලදී අද (19) අත්අඩංගුවට ගනු ලැබූහ. 19 October 2021
කෝටි හතක රන් ගුවන්තොටෙන් පන්නද්දී අල්ලයි රුපියල් කෝටි හතක් වටිනා රන් කිලෝ හතරයි ග්රැම් 800 ක් ගුවන්තොටෙන් පිට කිරීමට උත්සහා කළ ගුවන්තොටුපොළ පිරිසිදු කරන්නකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 19 October 2021
රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අදත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්විණි. 19 October 2021
මුහුණු පොතේ සාදයේ 2ක් අසුවෙයි මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරන් පිරිසක් කුරුණෑගල , රඹාවැව ප්‍රදේශයේ නිවසක පැවැත්වූ සාදයක් වටලා මුදල් මත්පැන් සමඟ සාදයේ සංවිධායක සහ සාදයට සංගීතය සැපයුම්කරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 19 October 2021
74 මවගේ 47 පෙම්වතා එල්ල කළ පිහි පහරින් පුතා මරුට හැත්තෑහතර වියැති මවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන 47 ඇවිරිදි අවිවාහකයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් එම මවගේ පුතා මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලිසිය කියයි. 19 October 2021
ඇමතිගේ පොරොන්දුව කඩා විදුලිය ජලය කපයි ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් විදුලි සහ ජල පාරිභෝගිකයන්ට බිල් ගෙවීමට සහන කාලයක් ලබාදෙන බව පැවසුව ද බිල් නොගෙවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය සහ ජල සැපයුම විසන්දි කරන බව පාරිභෝගිකයෝ පවසති. 19 October 2021
වංගෙඩිගල කන්දේ ගින්න පැතිරෙන හැඩ හල්දුම්මුල්ල වංගෙඩිගල කන්දේ ඇති වූ ගින්නකින්ගි අක්කර 20 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති . 19 October 2021
කාදිනල් - වරාය වෘත්තීය සමිති හමුවක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය අතර ජාතික සම්පත් සම්බන්ධව උද්ගතවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය. 19 October 2021
මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රුපියල් කෝටි 280 ක ආදායමක් අහිමි වන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසයි. 19 October 2021
ට්‍රයල් ගිය දුම්රියකට ගවයින් 10 ක් බිලි යාපනය කොඩිකාමම්, ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ පරීක්ෂණ දුම්රියක ගැටීමෙන් ගව රංචුවක ගවයින් 10 ක් පමණ මියගොස් ඇත. 19 October 2021
හදිසි පාස්පෝට් ගන්න පිරිස් වැඩි වෙයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක්දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,158 ක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 October 2021
’’ෆයිසර්’’ එන්නත් තවත් 608,000ක් මෙරටට ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 19 October 2021
දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලූත්ම වාර්තාවේ සඳහන් වේ. 19 October 2021
අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැස්ස උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2021
අඹන්පොළ ගම්මුලාදැණි ඝාතනයේ දෙකක් හඳුනා ගැනෙති අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවෝ දෙදෙනෙක් සාක්සිකරුවකු විසින් විවෘත අධිකරණයේදී හදුනා හදුනා ගනු ලැබූහ. 19 October 2021
සමස්ත වැසියන්ගෙන් සියයට 70 එන්නත් මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. 19 October 2021
නයිට්රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය. 18 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 103ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 103 දෙනකු අද(18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 October 2021
පාලම හැදුවත් පාර වහන්නෑ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ලබන 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොරණ මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි. 18 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 October 2021
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු නියෝගයක් නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 , ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය. 18 October 2021
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් කරන්න පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 18 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026