(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වර්තමානයේ රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ටිකෙන් තෙල් නැවක් වත් මිලදී ගන්නට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

මේ වන විට තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 ක් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළ බව කී හර්ෂ ද සිල්වා මහතා මේ අනුව රට බංකොලොත් භාවයෙනුත් පහළට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.

ආහාර උද්ධමනය සියයට 40ක් දක්වා ඉහල ගොස් ඇති  බවට ආණ්ඩුවේ නිල වාර්තාවල දැක්වෙන බව කී හර්ෂ ද සිල්වා මහතා දැන්  1990 සුව සුවසැරිය දුවන්නත් සල්ලි නැතැයි ද ඊට මුදල් ටිකක් දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

තවදුරටත් දත්ත හැංඟීම අප අපටම වංචා කර ගැනීමක් වන හෙයින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙි වන විට ඩොලරය  සියයට සියයකින්  අවප්‍රමාණය වී ඇති අතර මෙවැනි දේ වෙන්නේ මොන ලෝකෙදැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුව ගත් මේ ඔලමොට්ටල තීරණ  වලට වග කියන්නේ කවුදැයි විමසීය.