(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය.
.රට විනාශ කළ අර්බුදයේ උරුමකරුවන් මුලසුනේ තබාගෙන හදන සර්ව පාක්ෂික ආණ්ඩුවලට සූදානම් නැතැයි ද අනුර දිසානායක මහතා වැඩිදුරටත් කීය.
වර්තමානයේ පැමිණ ඇත්තේ වෙස්වලා ගත් ආශිර්වාදයක් බව මුදල් ඇමැති පැවැසූ බවත් මෙය වෙස්වලා ගත් මාරාන්තික ආශිර්වාදයක් වන අතර වෙස් වලාගෙන වත් මෙවැනි ආශිර්වාද නොපැමිණේවා යි ප්‍රාර්ථනා කරන බවද අනුර දිසානායක මහතා කීය.
වත්මන් අර්බුදයට කරුණු පහක් මූලික වී ඇතැයි ද හීන වෙමින් තිබෙන ආදායම් පංගුව වැඩි කර ගැනීමට සැලසුමක් නොතිබීම, ආනයන අපනයන පරතරය විසඳාගැනීමට දැක්මක් නොතිබීම, ජන ජීවිතය සමඟ බැඳුණු සංවර්ධන මාවතකට අසමත් වීම මෙන්ම රටේ නිෂ්පාදන කර්මාන්ත ගොඩනැංවීම සඳහා කිසිදු සැලැස්මක් නොතිබීම නිසා රට ආගාධයට ගොස් තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
එමෙන්ම රටේ ජාතික නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදෙන්නේ නැතැයි ද රටේ ඉහළම 10% ජාතික ධනයෙන් 38% ක් භුක්ති විඳින අතර පහලම 10% ජාතික ධනයෙන් භුක්ති විදින්නේ සියයට එකක් පමණක් බවද අනුර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලික රජයක ජනාධිපති අනුර කුමාරත්, අගමැති සහ මුදල් ඇමැති හර්ෂ ද සිල්වාත් විය යුතුයි .
මේ අපතයන්ගේ උදවු නම් නිකන් වත් ගන්න එපා
ඔක්කෙටම කලින් රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගනිල්ලා . ඊට පස්සේ ඡන්ද තියලා ඕන එකෙකු ට රජ වෙන්න පුළුවන් . ජවිපෙ එකඟතාව ට ආව කියල ඇලඩින්ගෙ පහන පහල වෙන්නේ නැහැ . එයාල ට ලෝක නායකයන්ගේ පැහැදීමක් නැහැ. ලෝක බලවතුන් ගෙ උදව් නැතිව ගොඩ එන්න පුළුවන් කියල දැන් හිතනවා නම් පිස්සෙක් .
එමෙන්ම රටේ ජාතික නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදෙන්නේ නැතැයි ද රටේ ඉහළම 10% ජාතික ධනයෙන් 38% ක් භුක්ති විඳින අතර පහලම 10% ජාතික ධනයෙන් භුක්ති විදින්නේ සියයට එකක් පමණක් බවද අනුර දිසානායක මහතා කීය.මේක තමයි ඇත්ත කතාව .මෙය නිවැරදි කල යුතුමයි .එහෙම කරා නම් ඔය මගඩි ගොඩක් නවතිනවා
රටේ ජනතාව ගැන හිතලා ගත්තු තීරණයට පළමුව හදපිරි ප්‍රණාමය. දෙසිය විසිපහම එපා කියන මොහොතේ වැඩක් කරලා පෙන්වමු. අවුරුදු හැත්තෑ හතරක් මේ රට විනාශ කරපු දෙශපාලන කාළකන්නි හවුල් නොවන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඔබලාගේ මූලිකත්වයෙන් නියෝජනය වන පරිදි පිහිටුවන්න කියා ඉල්ලා සිටිමු...!
3%...!
මේ අයගේ මුහුණු දැක්කාම 60 ක් විතර අනින්න හිතෙන්නේ මට විතරද?
අපොයි ඔබතුමාට ඕන රටට වරදිනවා බලන්න. ජනාධිපති කවුරු වුණත් එයා ගියාම කවුද ව්‍යවස්ථාව අනුව සේනාධිනායක... බොර දියේ මාළු නොබා රට වෙනුවෙන් වැඩක් කරන්න. නැත්නම් නිස්සංක එක්ක විවාදෙකට යන්නකෝ...!
මොකක්ද එකඟතාවය? 225ට යන්නලු. ඉතින් ඔබලත් යායුතුයි. ඔබලා නැවත එනවා නම් රාජපක්ෂලාත් නැවත ඒවි. ඒකට කාගේ තහනමක්ද?