‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘ ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 October 2021
ත්‍රි‘මලේ ගුරුවරු වට්ස්ඇප් හරහා දරුවන්ගේ පාසල් ගමන නතර කරති සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි වැඩ වර්ජන ගුරුවරු වැඩ වර්ජනයේ යෙදි සිටින බැවින් සිසුන් පාසල්වලට නොයවන ලෙස වට්ස්ඇප් සමුහ හරහා මාපියන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ. 21 October 2021
රුවන් ගෙන් තරුණ සාමාජිකයන්ට උපදෙසක් දේශපාලනයට පිවිසීමේ දී කිසිදිනක වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන හිතන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ තරුණ පරපුරට උපදේශයක් දෙමින් පැවසීය. 21 October 2021
පිට පළාත්වල පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත් පාසල් සිසුන්ට එන්නත් ලබාදීම මෙතෙක් සිදුවූයේ බස්නාහිර පළාතේ පමණක් වන අතර පිට පළාත්වල දරුවන්ට එන්නත් ලබාදීම අද (21) ආරම්භ කෙරිණි. 21 October 2021
ඇමැති බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 5 විභාගයට 2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන 5 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය. 21 October 2021
යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ න් පෙත්සමක් යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවෙිගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 21 October 2021
පනත් දෙකකට කතානායකගේ සහතිකය ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ(21) දැනුම් දුන්නේය. 21 October 2021
ජනපති මැති සබයට එයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට මද වේලාවකට පෙර පැමිණියේය. 21 October 2021
පාසල් ඇරඹෙයි කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් රට පුරා පිහිටි සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අද (21) විවෘත කෙරිණි. 21 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දිනයේත් සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2021
මෙරට පළමු සය දරු උපත කොළඹ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 21 October 2021
මැති සබේ අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා එපා වෙලා පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 21 October 2021
මත්ස්‍ය ගොවිපොළේ මසුන්ට වස පොලොන්නරුව,කාලිංගඇල ප්‍රදේශයේ පිහිටි මිරිදිය මසුන් ඇති කරන ගොවිපලක විශාල පොකුණක විසූ මත්ස්‍යයින් 15,000ක් පමණ හිටි අඩියේ මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 20 October 2021
“තමා තමාට පහනක් ව වාසය කරවු’’ තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපොභව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කුෂිනගර්හිදි අද (20) පැවැසීය. 20 October 2021
අද ආසාදිතයන් 537ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 October 2021
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ එකම බලධාරියා කැබිනට් අමාත්‍යවරයා මිස වෙනත් පුද්ගලයන් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 20 October 2021
අතුරුදන්වූ ධීවරයාගේ සිරුර සොයාගනී නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයාගේ සිරුර අද (20) පෙරවරුවේ සොයාගත් බව නාවික හමුදාව පවසයි. 20 October 2021
තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 October 2021
කොවිඩ් ආසාදිතයන් 442ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 442 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 October 2021
මත් පානය කර අසු වූවන්ට ධර්ම දේශනයක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පානය කළ පිරිස වෙනුවෙන් මත්ද්‍රව්‍යවල ආදීනව පෙන්වා දෙමින් ධර්ම දේශනාවකට යොමු කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අද බිනර පොහෝදින කටයුතු කළේය. 20 October 2021
කුරුණෑගල ගුරුසංගමයෙන් වයඹ ආණ්ඩුකාරයාට ප්‍රතිචාර තමන් නියත වශයෙන්ම සේවයට වාර්තා කරන්නේ ලබන 25 වැනිදා බවත්, හැකිනම් එම මාසයට අදාළ ගුරු වැටුප් ගෙවීම අත්හිටුවා පෙන්වන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අභියෝග කරන බවත්, කුරුණෑගල දිස්ත්‍රික් ගුරු සංගම් නියෝජිතයෝ පැවසූහ. 20 October 2021
ලක්ෂ 50ක ගංජා සඟවන්න බැරි වෙයි මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. 20 October 2021
’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි කරනවා හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරඹමින් අද (20) පැවසීය. 20 October 2021
කොවිඩ් මරණ 18ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 October 2021
වයස 18-19 පාසල් සිසුන්ට ෆයිසර් හෙට සිට රටපුරා අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෙට (21) සිට ආරම්භ කෙරේ. 20 October 2021
නයිට්රජන් දියර පොහොර බෙදා හරියි මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්රජන් දියර ගොවිනට ලබා දිම සඳහා ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරිණි. 20 October 2021
ප්‍රංශ තානාපති විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ලබන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම ගැන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙරට සිටන ප්‍රංශ තානාපතිවරයා වෙත ස්තූතීය පළ කළේය. 20 October 2021
කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ‘කොවිඩ්’ පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් නැවත කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. 20 October 2021
“ගුරුවරුන් නාවත් පාසල් පවත්වන්න අපි දන්නවා’’ ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. 20 October 2021
‘වන්දියට වඩා ගොවියාට පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්‘ වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවියාට පහසුකම් ලබා දීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026