කතෝලික පාසල් 25 සිට යළි විවෘතයි ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරගලයට ශක්තියක් වීමට ද කතෝලික සභාව සූදානම් බවත් ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 21 October 2021
කොවිඩ් ආසාදිතයන් 101ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 101 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 October 2021
අයි.ඕ.සී තෙල් මිල ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද(21)මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි . 21 October 2021
‘‘එකක් බලාපොරොත්තු වුණාම හයක් ලැබීම සතුටුයි‘‘ එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුටු සය නිවුන් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පැවසීය. 21 October 2021
රසායනික පොහොර තීන්දුව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ ගත් තීන්දුවක් ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමෙි තීන්දුව නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට ගත් එකක් නොව ’’කටින්’’ සහ ’’ඇඟෙන්’’ පමණක් ගත් තීන්දුවක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 October 2021
සියලුම ගොවීන්ට දියර නයිට්රජන් ඉදිරියේදී ලබාදෙනවා සියලුම ගොවීන්ට දියර නයිට්රජන් ඉදිරියේදී ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 October 2021
කොන්දොස්තර නැතිව බස් දුවන්න අවසර ඉල්ලයි බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥාා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 21 October 2021
කොරෝනා රෝගීන් 453ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 453 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 21 October 2021
කොරෝනා මරණ 19 වර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 October 2021
හැඳුණුම්පත් එක් දින සේවාව යළිත් ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කරගන්නා ඉල්ලුම්කරුවන් සඳහා පමණක් ලබන 25 වැනිදා සිට ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 21 October 2021
දුම්රිය දුවන්නේ නැති හේතු කියන්න නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුව දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙස සහ දුම්රිය ධාවනය ආරම්භ කළ නොහැකි නම් ඒ සඳහා බලපා ඇති හේතු මොනවාදැයි දැනුවත් කරන ලෙසත් ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් යොමුකර තිබේ. 21 October 2021
මුලතිව් රෝහලට ශළ්‍ය වෛද්‍යවරයෙක් තවම නෑ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට මාස ගණනාවක සිට ශළ්‍ය වෛද්‍යවරයකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 21 October 2021
‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘ නැනෝ නයිට්රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 21 October 2021
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් ලොක්කාට අත්වාරුවෙන් ගහලා කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළ වලට අලාභ හානි කර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි. 21 October 2021
අඩු ආදායම් ලාභීන්ට සූර්ය විදුලිබලය අඩු ආදායම් ලාභීන්ට සහන ක්‍රමවේදයක් යටතේ සූර්ය විදුලිබල සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකා විදුලි පුද්ගලික සමාගමට (ලෙකෝ) උපදෙස් දී තිබේ. 21 October 2021
සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක් සීනි, කිරිපිටි සහ සිමෙන්ති දැඩි හිඟයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 21 October 2021
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න රැස්වීමක් පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් ලබන මස 8 වැනිදා සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) තීරණය කළේය. 21 October 2021
දියේ ගිලුණු පියාට-පුතාට කොරෝනා වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් පෙරේදා (20) මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනෙකුට කොව්ඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 October 2021
කතකගේ සිරුරු ඇඳමත: හිතවතාගේ සිරුර වහළයේ එල්ලෙයි ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ නිවසක කාමරයක ඇදක් මත මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් හා ඇය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකුගේ සිරුරු ඒ අසල එල්ලෙමින් තිබිය දී අද (21) උදේ සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 21 October 2021
‘සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වනවා‘ ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර ලබන 30 වැනිදා වනවිට ගෙන්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 October 2021
මුහුදු රැල්ලට ගිය දරුවාගේ සිරුර දින 4 කට පසු හමුවෙයි හලාවත ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු දැරියකගේ මෘත ශරීරයක් අද ( 21 දා ) උදේ හමුවු බව හලාවත පොලිසිය කියයි. 21 October 2021
හිටි හැටියේ තෙල් පෝලිමක් කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 21 October 2021
චමින්ද විජේසිරිගෙන් කතානායකට පැමිණිල්ලක් තිරු නඩේශන් යැයි හඳුන්වා ගත් පුද්ගලයකු ලබා දුන් සැකකටයුතු දුරකතන ඇමතුමක් නිසා තමාගේ ජීවිතය ගැන බියක් දැනෙන බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 October 2021
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැමිණීමෙන් අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) පොලිස්පතිවරයාට නියෝග කළේය. 21 October 2021
ඉබියතුරු කඩා පාසල පටන් ගනී කොරොනා වසංගතය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප්‍රාථමික පාසැල ආරමිභ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු පාසල් ප්‍රධාන දොරටුවේ ඉබියතරු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කළේය. 21 October 2021
‘‘පාස්කු ප්‍රහාරයට මාස 30යි:වැරදිකරුවන් කවුද?“ අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 October 2021
ගෑස් - යුගදනව් ගිවිසුමට එරෙහිව තවත් පෙත්සමක් ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමගමට පැවරීමට හා යුගදනවි බලාගාරයේ කොටස් එම ඇමරිකානු සමාගමට පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් අද (21 ) අභියාචනාධිකරණයට හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ. 21 October 2021
අත්තනගල්ල ප්‍රා සභාව උණුසුම්: මන්ත්‍රීවරියක රෝහලට අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි. 21 October 2021
“සීඅයිඩීය මගේ වරප්‍රසාද කඩකරලා’’ අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018-2019 අතර කාලයේදී තමාගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී ඇති බවත් මහේස්ත්රාත්වරයකුගේ අවසරයකින් තොරව එසේ කටයුතු කිරීම නිසා තමාගේ පෞද්ගලික අයිතිය මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණයවී ඇති බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 October 2021
‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘ ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026